Last Update  :  2025-12-28 14:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලාරාගේ පිලට තියුණු ජයක්

ලාරාගේ පිලට තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුත් ආසියානු ක‍්‍රිකට් පිල සහ බ‍්‍රයන් ලාරාගේ නායකත්වයෙන් යුත් ලෝක ක‍්‍රිකට් පිල අතර හජ්ජි උත්සවය නිමිත්තෙන් පැවැති පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් ලකුණු පහක තියුණු ජයක් ලැබීමට බ‍්‍රයන් ලාරාගේ නායකත්වයෙන් යුත් ලෝක පිල සමත් විය. මෙම තරගය දෝහා කටාර් හී පිහිටි වෙස්ට් එන්ඞ් පාර්ක් ක‍්‍රීඩාංගණයේ පෙරේදා (6 වැනිදා) පැවැත්විණ.

මෙම ප‍්‍රදර්ශන තරගය නැරඹීමට 10,000 කට අධික පේ‍්‍රක්‍ෂක සංඛ්‍යාවක් පැමිණ සිටියදී පළමුව පන්දුවට පහර දුන් ලෝක කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 161 ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු ලෙස සනත් ජයසූරියගේ ආසියානු පිලට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකිවුයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 158 කි.

 

අතීත පිති හරඹය නැවත වරක් සිහිපත් කළ බ‍්‍රයන් ලාරා පන්දු 44 කදී ලකුණු 47 ක් ලබා තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය. සනත් ජයසුරියද කලකට පසුව තරගයකට සහභාගි වෙමින් හතරේ පහර හතරක් සමග ලකුණු 25 ක් ලබා ගත්තේ පන්දු 25 කට මුහුණ දෙමිනි. ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු වන මාවන් අතපත්තු මහතාද මෙම තරගයට ක‍්‍රීඩා කළ අතර ඔහු ලකුණු 1 කට දැවී ගියේය.

අදාළ තරගයේදී ආසියානු කණ්ඩායමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් සිව්දෙනකු (සනත් ජයසුරිය, මාවන් අතපත්තු, ඇන්ජලෝ පෙරේරා සහ චාමර කපුගෙදර), පකිස්තාන් ක‍්‍රීඩකයන් තිදෙනකු (ඉම්රාන් නසීර්, අබ්දුල් රසාක්, රෂීඞ් ලතීෆ්), බංග්ලාදේශ ක‍්‍රීඩකයකු (ටමීම් ඉක්බාල්) ඇතුළත් වූහ.

ලෝක පිල වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන් දෙදෙනකු (බ‍්‍රයන් ලාරා, කෝරි කොලිමර්), සිම්බාබ්වේ ක‍්‍රීඩකයකු (බ්‍රෙන්ඩන් ටේලර්), ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයන් දෙදෙනකු (රිකි වෙසල්ස් හ ඩෙමියන් මාර්ටින්), එංගලන්ත ක‍්‍රීඩකයකු (ඕවිස් ෂා) සහ නෙදර්ලන්ත ක‍්‍රීඩකයකු (රයන් ටෙන්ඩස්කාට) ඇතුළත් විය.

 


ආසියානු කණ්ඩායම
සනත් ජයසූරිය (නායක), ආකාශ් චොප්රා (ඉන්දියාව), ඇන්ජලෝ පෙරේරා (ශ‍්‍රී ලංකාව), තමීම් ඉක්බාල් (බංග්ලාදේශය), ඉම්රාන් නසීර් (පකිස්තානය), මාවන් අතපත්තු (ශ‍්‍රී ලංකාව), චාමර කපුගෙදර (ශ‍්‍රී  ලංකාව), අබ්දුල් රසාක් (පකිස්තානය), රසීද් ලතීෆ් (පකිස්තානය)

ලෝක කණ්ඩායම
බ‍්‍රයන් ලාරා (නායක) (බ.ඉ.කොදෙව්), බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ), රයන් ටෙන් (නෙදර්ලන්තය), හර්ෂල් ගිබ්ස් (දකුණු අප‍්‍රිකාව), රිකී වෙසල්ස් (ඔස්ටේ‍්‍රලියාව), (ඩෙමියන් මාර්ටින් (ඔස්ටේ‍්‍රලියාව), කොරේ කොලිමර් (බ.ඉ.කොදෙව්), සැමුවෙල් බද්දි (බ.ඉ.කොදෙව්), සජ් මොහොමද් (එංගලන්තය), ඔවිෂ් ෂා (එංගලන්තය)

 


- 033

 


අදහස් (0)

ලාරාගේ පිලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.