‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 12 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තවදුරටත් පෙරමුණ රැකගැනීමට පසුගිය සතියේ ඉදිරියට පැමිණි කඳාන ද මැසිනොද් විදුහලේ ලහිරු වික‍්‍රමසිංහ සමත්වී ඇත.
ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 4483 ත් සමග සිය ඡන්ද සංඛ්‍යාව 27641 ක් දක්වා වර්ධනය කරගැනීමට ලහිරු වික‍්‍රමසිංහ සමත්වී ඇති අතර දෙවැනි ස්ථානයේ පසුවන රන්දේව් පතිරනට ගෙවීගිය සතිය තුළදී ලබාගැනීමට හැකිවී ඇත්තේ ඡන්ද 4338 ක් පමණි. ඒ අනුව ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාවද 27040 ක් දක්වා වර්ධනයවී තිබේ.
පානදුර රාජකීය විදුහලේ අකිල ලක්ෂාන් සහ මහනුවර ති‍්‍රත්ව විදුහලේ රවීන් සේයර් පිළිවෙලන් ඡන්ද 7266 ක් සහ 3095 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැවි ස්ථාන වල රැදීසිටිති.
නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ ධනුෂ්ක ලහිරු, ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 145 ත් සමග ඡුන්ද 2244 ලබා සිටියි.
එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය, ඡන්ද 1891 ක් ලබා සිටින පානදුර ශී‍්‍ර සුමංගල විදුහලේ ලහිරු විමුක්තිට හිමිවී ඇති අතර ගෙවීගිය සතිය තුළදී ඔහු ඡන්ද 146 ක් ලබාගෙන තිබේ.
අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ලේටන් පාර්ක් විදුහලේ රොමේෂ් මධුෂාන් ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 1514 ත් සමග ඡන්ද 12000 සීමාව පසුකර පසුකරයෑමට සමත්වී තිබේ. මේ වනවිට මුලූ ඡන්ද 12753 කට හිමිකම් කීමට ඔහු සමත්ව සිටියි.
එහි දෙවැනි ස්ථානයේ පසුවන නුගේගොඩ ලයිසියම් විදුහලේ රසාංජන මල්ලිකාරච්චිට ගෙවීගිය සතිය තුළදී ලබාගැනීමට හැකිවී ඇත්තේ ඡන්ද 120 ක් පමණි. ඒ අනුව ඔහුගේ මුලූ ඡන්ද සංඛ්‍යාව 4601 ක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශනවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත්වලත්, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතෙත් පළවේ. ඒ අනුව තමන් කැමතිම කීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
| සමස්ථ ලංකා පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| ලහිරු වික‍්‍රමසිංහ | කඳාන ද මැසිනොද් විදුහල | 27641 |
| රන්දේව් පතිරන | කොළඹ රාජකීය විදුහල | 27040 |
| අකිල ලක්ෂාන් | පානදුර රාජකීය විදුහල | 7266 |
| රවීන් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 3095 |
| පි‍්‍රයමාල් පෙරේරා | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 2663 |
| නිමේෂ් ගුණසිංහ | කටුගස්තොට ශා. අන්තෝනි විදුහල | 2581 |
| ඒ. කේ. ටිරෝන් | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 2573 |
| කුසල් මෙන්ඩිස් | මොරටුව වේල්ස්කුමර විදුහල | 2068 |
| මධුෂාන් චමීර | කොළඹ ඉසිපතන විදුහල | 1845 |
| යශාන් සමරසිංහ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 1842 |
| සදීර සමරවික‍්‍රම | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 1794 |
| මින්හාජ් ජලීල් | කොළඹ තර්ස්ටන් විදුහල | 1382 |
| තිමිල විද්‍යාසේකර | කොළඹ ඞී. එස්. සේනානායක විදුහල | 1295 |
| ශෙහාන් වීරසිංහ | කොළඹ සහිරා විදුහල | 920 |
| සල්මන් ෆසීල් | කොළඹ සහිරා විදුහල | 669 |
| චතුරංග රාජපක්ෂ | මීගමුව මාරිස්ටෙලාද විදුහල | 663 |
| දිනෙත් ලංකා | මහනුවර ධර්මරාජ විදුහල | 592 |
| නැගීඑන පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| ධනුෂ්ක ලහිරු | ගාල්ල විද්‍යාලෝක විදුහල | 2244 |
| ලහිරු විමුක්ති | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 1891 |
| කළණ හසරංග | මාතර රාහුල විදුහල | 569 |
| හර්ෂ රාජපක්ෂ | මාතර රාහුල විදුහල | 503 |
| ලසිත ලක්ෂාන් | මාතර ශාන්ත තෝමස් විදුහල | 319 |
| සචින් ජයකොඩි | වත්තල ශාන්ත අන්තෝනි විදුහල | 140 |
| අන්තර්ජාතික පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| රොමේෂ් මධුෂාන් | ලේටන් පාර්ක් විදුහල | 12753 |
| රසාංජන මල්ලිකාරච්චි | නුගේගොඩ ලයිසියම් විදුහල | 4601 |
| ෆර්සත් ෆාසල් | කොළඹ ගේට්වේ විදුහල | 319 |
| නිමේෂ පෙරේරා | වත්තල ලයිසියම් විදුහල | 153 |
පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.
ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. ටි‍්‍රෂාන් දිමිත‍්‍රි, ටී. එන්. 6, ටෝනි මාවත, ගලගහදුව, හැඳල, වත්තල
2. ලතා කුරේ, නො. 91, උයන පාර, මොරටුව
3. මුදිත ලන්සකාර, තිඹිරිගස්යාය කළාප ලේකම් කාර්යාලය, නාරාහෙන්පිට, කොළඹ 5
4. මුතුබණ්ඩා දිසානායක, නො. 2, මහින්ද පෙදෙස, කිරුලපනේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.