
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ තෝලංගමුව ඩඞ්ලි සේනානායක මැදි විදුහල අතර ගොඩිගමුව මහජන ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 124 ක ජයක් අත්කර ගැනීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.
එහිදී ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විශාල් පෙරේරා (54) සහ හංසජ බණ්ඩාර (54) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම දුලීප ගීතාංජන ලකුණු 75 කට කඩුලු 7 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
ලයිසියම් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 71 කදී කඩුලු 9 ක් දැවී 301
(විශාල් පෙරේරා 54, හංසජ බණ්ඩාර 54, යසිරු චතුමාල් 44, තුවාන් හෂීම් 44, දුලීප ගීතාංජන 36, රමේෂ් චානක 36/3, නිමේෂ් ප්‍රයදර්ශන 76/2)
ඩඞ්ලි සේනානායක මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 32.2 කදී සියලු දෙනා දැවී 111
(රමේෂ් චානක 36, යසිරු චතුමාල් 06/3, ශමිඳු නිලූෂ 20/2, දුලීප ගීතාංජන 35/2)
ඩඞ්ලි සේනානායක මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 27.1 කදී සියලු දෙනා දැවී 66
(ළහිරු මහේෂ් 26, දුලීප ගීතාංජන 40/5, අබීත ජයසූරිය 05/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.