(කුරුණෑගල පුෂ්පකුමාර ජයරත්න සහ ජනුර් කිචිලාන්)
කුරුණෑගල ඉපැරැණි ඉතිහාසයකට උරුමකම් කියන කුරුණෑගල ලක්දාස් ද මෙල් විදුහල සහ පොල්ගහවෙල ශාන්ත බර්නදෙත් විදුහල අතර ප්‍රථම වරට සංවිධානය කරන ලද එක්දින ක්‍රිකට් තරඟය සෙනසුරාදා (4 වැනිදා) කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම ක්‍රිකට් තරඟය "කහ සටන" යනුවෙන් නම් කර ඇත.
ලක්දාස් ද මෙල් විදුහලේ ආචාර්ය මණ්ඩල සාමාජිකයන් වන කුරුණෑගල වැව්ගල පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරි හැළඹවටවන ධම්මජීව හිමියන්ගේ සහ සුජීව කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් ලක්දාස් ද මෙල් විදුහල්පති එම්.පී.එන්.ශාන්ත සහ බර්නදෙත් විදුහල්පති සරත් ප්‍රේමචන්ද්‍ර මහත්වරුන්ගේ දායකත්වයෙන් පැවැත්වෙන මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරඟයේ සංවිධාන කටයුතු සඳහා විදුහල් දෙකෙහිම ආදි ශිෂ්‍ය සංගම් ඉදිරිපත්ව සිටිති.
ලක්දාස් ද මෙල් කණ්ඩායම චමෝද් ප්‍රභාෂ විසින් මෙහෙයවනු ලබයි. ශාන්ත බර්නදෙත් කණ්ඩායමේ නායකත්වය සඳුන් කවිෂ්ක රාජගුරු දරයි.

ලක්දාස ද මැල් කණ්ඩායම
චමෝද් ප්‍රභාෂ (නායකයා), රවීෂ් ඉඳුවර (උප නායක), වරුන් දර්ශණ, නිලංග රන්දුනු, හසිඳු නෙත්මින, තීක්ෂණ සම්පත්, මිනිදු තරුෂික, රස්නිම විරාජ්, අදීෂ නිකේස්, ලක්ෂිත රන්ජන, මෙතුජ සන්ලිත, සනුර දිනෙත්, නෙත්සර දුලාංජන, උමේෂ් වීරසිංහ, මිනුක සන්දිත්, පුබුදු බණ්ඩාර, ජෙනුර ඔනෙත්, තීක්ෂණ හින්සලු සහ එන්.අම්මාර්
එම්.පී.එන්. ශාන්ත (විදුහල්පති), රොෂාන් අධිකාරි (ක්‍රිකට් පුහුණුකරු), සුජීව කරුණාරත්න (ක්‍රිකට් භාර ආචාර්ය), අසේල ජයසූරිය (ක්‍රිකට් භාර ආචාර්ය), චාමර මැදවල ( ක්‍රිකට් භාර ආචාර්ය)

ශාන්ත බර්නදෙත් කණ්ඩායම
සඳුන් කවිෂ්ක රාජගුරු (නායක), විදූෂාන් දිනිත් ජයකොඩි (උප නායක), චමත් බුද්ධිම දිසානායක, රසාංජන වික්‍රමගේ, යුරාජ් හසරැල් ජයරත්න, බිනුක පන්සිළු, අවීෂ සස්මින්, සවිරු නිම්නෙත් ජයනෙත්ති, අනුහස් රන්සර ජයසූරිය, නිදුල ෂෙහාන් විජේසිංහ, ජිනුක මින්කෙත් හේරත්, දිනුක සඳරැස් ලීලාරත්න, රඝූ කෙෂාන් මධුසංක, දිනුක් කාවින්ද කුමාර, සනෙරු ගිම්සර, නවීෂ යෙෂාන්, මනෝජ් කරුණානායක, රිද්ම ප්‍රේමතිලක, කවීෂ වික්‍රමසිංහ සහ දුලාංජන විජේසූරිය
සරත් ප්‍රේමචන්ද්‍ර (විදුහල්පති), ප්‍රියන්ත බණ්ඩාර ( ක්‍රිකට් ක්‍රීඩා බාර අචාර්ය) සහ එස්.එල්.එන්.එම්.විමලසූරිය (පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.