ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (08 වැනිදා) ආරම්භ වූ තරගයේදී එස්. ගිම්හාන ශතකයක් ලබාගැනීමට සමත් විය.
රිච්මන්ඞ් විද්‍යාලය මුලින්ම පන්දුවට පහරදී කඩුලූ 7 කට ලකුණු 294 ක් රැුස්කර ඉනිම අත්හිටුවීය. එස්. ගිම්හාන පන්දු 122 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 122 ක් ද එස්. සමරසිංහ 55 ක්ද කේ. නානායක්කාර ලකුණු 40 ක් ද ලබාගන්මින් රිච්මන්ඞ් විද්‍යාලීය ඉනිම ශක්තිමත් කිරීමට දායක වූහ.
දිනය නිමාවන විට රාජකීය විද්‍යාලය කඩුලූ 2 කට ලකුණු 36 ක් සිටියේය.
රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම ඕවර 76 කදී කඩුලූ 7 ක් දැවී 294
(එස්. ගිම්හාන 122, එස්. සමරසිංහ 55, කේ. නානායක්කාර 40, කේ. මෙන්ඩිස් 38, ඒ. කරුණාරත්න 59/3)
රාජකීය විදුහල පළමු ඉනිම ඕවර 17 කදී කඩුලූ 2 ක් දැවී 36
(එච්. රාමනායක නොදැවී 17, එස්. ඩයස් නොදැවී 13)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.