ජනාධිපති කුසලාන සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ විවෘත මේසපන්දු තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවේ රොහාන් සිරිසේන සමත් විය. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එරන්දි වරුසවිතාන කාන්තා කේවල ශූරතාව දිනාගත්තාය.
අවසන් තරග වලින් වඩාත්ම උණුසුම් මුහුණුවරක් ගත් කාන්තා කේවල අවසන් තරගයේදී තරග වට 4 - 3 ක් ලෙස ගුවන් හමුදාවේ ඉශාරා මධුරංගි පරාජය කිරීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල එරන්දි වරුසවිතාන සමත් වූවාය. එහිදී තරග වට 4 ක් නිම වන තුරුම 2 - 2 ක් ලෙස ඔවුන් දෙදෙනාගේ ලකුණු තත්ත්වයන් සම මට්ටමේ පැවති අතර 5 වැනි සහ 6 වැනි තරග වට පිට පිට ජය ගනිමින් එරන්දි සමස්ත තරගයේ ජයග‍්‍රහණය තමන් වෙත නතු කරගත්තාය.
පිරිමි කේවල අවසන් තරගයේදී තරග වට 4 - 1 ලෙස නාවික හමුදාවේ දිනේෂ් දේශපි‍්‍රය පරාජය කිරීමට ගුවන් හමුදාවේ රොහාන් සිරිසේන සමත්විය. එහිදී පළමු තරග වට 3 ම පිට පිට ජයගත් රොහාන් සිරිසේනට, සිව්වැනි වටය දිනේෂ් හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් තරග වට 4 - 1 ලෙස එම තරගය නිමා කිරීමට සිදුවිය.
මෙහිදී පිරිමි කේවල, කාන්තා යුගල සහ මිශ‍්‍ර යුගල යන කාණ්ඩ වල ශූරතා දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පිරිමි යුගල සහ කාන්තා කේවල කාණ්ඩ වලදී අනුශූරතා දිනාගනිමින් තරගාවලියේ වැඩි ගෞරව දිනාගැනීමට සමත්විය. රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි ශූරතා දෙකක් බැගින් දිනාගත්හ.
ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත කී‍්‍රඩාගාරයේදී පැවැත්විණ.
විවෘත පිරිමි කේවල
රොහාන් සිරිසේන (ගුවන් හමුදාව) විසින් තරග වට 4 - 1 ක් ලෙස දිනේෂ් දේෂපි‍්‍රය (නාවික හමුදාව) පරාජය කරන ලදී. (12/10, 11/06, 11/05, 12/14, 11/03)
විවෘත කාන්තා කේවල
එරන්දි වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 4 - 3 ක් ලෙස ඉෂාරා මධුරංගි (ගුවන් හමුදාව) පරාජය කරන ලදී. (11/05, 09/11, 11/06, 09/11, 07/11, 13/11, 11/07)
විවෘත පිරිමි යුගල
බී. එන්. බී. ජයසිංහ (මාස් ඉන්ටිමේට්) සහ උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3 - 0 ක් ලෙස රොහාන් සිරිසේන සහ මිලින්ද ලක්ෂිත (ගුවන් හමුදාව) පරාජය කරන ලදහ. (11/05, 17/15, 11/08)
විවෘත කාන්තා යුගල
ඉශාරා මධුරංගි සහ චාවින්ද්‍යා ද සිල්වා (ගුවන් හමුදාව) විසින් තරග වට 3 - 2 ක් ලෙස එරන්දි වරුසවිතාන සහ තෙදිනි තුෂාරා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදහ. (09/11, 11/08, 11/05, 11/13, 11/09)
මිශ‍්‍ර යුගල
ඉශාරා මධුරංගි සහ රොහාන් සිරිසේන (ගුවන් හමුදාව) විසින් තරග වට 3 - 1 ක් ලෙස මව්ලි පීරිස් සහ මිලින්ද ලක්ෂිත (ගුවන් හමුදාව) පරාජය කරන ලදහ. (11/13, 11/08, 11/09, 11/09)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.