Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෙඩ්ස් - ග්‍රේස් තරගයටත් වැස්ස හරස් වෙයි

රෙඩ්ස් - ග්‍රේස් තරගයටත් වැස්ස හරස් වෙයි

editorial - 2021 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ආරාධිත විස්සයි20 තරගාවලියේ 10 වැනි තරගය ලෙස මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ රෙඩ්ස් සහ ග්‍රේස් කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක්හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

ඒ අනුව මූලික වටයේ අවසන් තරග හෙට පැවැත්වීමට නියමිතව ඇති අතර අවසන් තරගය සුදුසුකම් ලබාගැනීමට සඳහා රෙඩ්ස් සහ බ්ලූස් කණ්ඩායම් අතර තියුණු තරගයක් පවතී.

මේ වනවිට දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් සහ ධනංජය ද සිල්වා නායකත්වය දරන බ්ලූස් කණ්ඩායම් ප්‍රසාද ලකුණු 4 බැගින් ලබාගනිමින් සම තත්වයේ පසුවුවද ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය මත බ්ලූස් පිල ඉදිරියෙන් පසුවන්නේය. යම් හෙයකින් වර්ෂාව හේතුවෙන් හෙට තරග දෙකද පැවැත්වීමට නොහැකි වුවහොත් බ්ලූස් පිල අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇත.

ප්‍රසාද ලකුණු 9 ක් ලබාගෙන ඇති දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් පිල මේ වනවිටත් අවසන් තරගයට සුදුසුකම් ලබාගෙන ඇත.

අවසන් මහ තරගය 24 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.

 


අදහස් (0)

රෙඩ්ස් - ග්‍රේස් තරගයටත් වැස්ස හරස් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.