Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෙඩ්බුල් ක්‍රිකට් අවසන් පූර්ව තරග හෙට

රෙඩ්බුල් ක්‍රිකට් අවසන් පූර්ව තරග හෙට

ශනුක අරවින්ද - 2017 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ්බුල් විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (15 වැනිදා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසලට එරෙහිව ඕස්ට්‍රේලියාවේ සිඞ්නි විශ්ව විද්‍යාලයද, දකුණු අප්‍රිකාවේ වයඹ විශ්ව විද්‍යාලයට එරෙහිව බංග්ලාදේශයේ ලිබරල් ආට්ස් විශ්ව විද්‍යාලයද තරග වැදීමට නියමිතය.

තරගාවලියේ මූලික වටය කණ්ඩායම් 4 බැගින් වූ කාණ්ඩ 2 ක් යටතේ පැවැති අතර ඉන් ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් ලෙස දකුණු අප්‍රිකාවේ වයඹ විශ්ව විද්‍යාලයත්, ‘බී’ කාණ්ඩයේ ශූරයන් ලෙස ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසලත් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි විශ්ව විද්‍යාලය සහ ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් බංග්ලාදේශයේ ලිබරල් ආට්ස් විශ්ව විද්‍යාලය මූලික වටයේදී එක් තරගය බැගින් පරාජයට පත්වුවද, සෙසු තරග වලදී ඉහළ දක්කම් දක්වමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.

වයඹ විශ්ව විද්‍යාලයේ (දකුණු අප්‍රිකාව) ජේන්මන් මැලන් තරග 3 කදී සමග ලකුණු 126 ක් රැස්රමින් මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින අතර ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ සිඞ්නි විශ්ව විද්‍යාලයට (ඕස්ට්‍රේලියාව) එරෙහිව රැස්කළ ලකුණු 67 යි.

ලිබරල් ආට්ස් විශ්ව විද්‍යාලයේ (බංග්ලාදේශය) මොර්සලීන් මොටාසා තරග 3 කදී කඩුලු 9 ක් දවාගනිමින් මෙතෙක් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. විද්‍යාව සහ තාක්ෂණවේදී ජාතික විශ්ව විද්‍යාලයට (සිම්බාබ්වේ) එරෙහිව ලකුණු 19 කට කඩුලු 5 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දුයැවීමයි.

තරගාවලියේ අවසන් මහ තරගය අනිද්දා (16 වැනිදා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

රෙඩ්බුල් ක්‍රිකට් අවසන් පූර්ව තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.