
කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත සහ උඩුගම - රවී ලියනගේ
ප්‍රජාපතී ගෝතමී බාලිකා සහ කළුතර බාලිකා විදුහල් අතර පළමු වරට අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වූ රැජිනියන්ගේ මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
පළමු ඉනිමේදී ප්‍රජාපතීගෝතමී බාලිකා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 212ක අභියෝගයක් ලබා දී කළුතර බාලිකාවන් පළමු ඉනිම ලකුණු 22කට සීමා කළ ද, ඉන් සාර්ථක ප්‍රතිඵල නෙළා ගන්නට නොහැකි වූ ප්‍රජාපතීගෝතමී බාලිකාවන් ඉනිමක ජය පෙනි තිබුණද තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.
කාසියේ වාසිය දිනාගත් කළුතර බාලිකාවෝ පිතිහරඹය සඳහා ප්‍රජාපතීගෝතමියන්ට ආරාධනය කළහ. ඒ අනුව පළමු ඉනිම ක්‍රියාත්මක කිරීමට ගිය ප්‍රජාපතීගෝතමී බාලිකාවෝ ඕවර 26.5කදී කඩුලු 3ක් දැවී ලකුණු 212ක් ලබා ගත්හ. දක්ෂ පිතිහරඹය නිරත වූ ප්‍රජාපතීගෝතමී බාලිකා විද්‍යාලයේ කවීෂා ගිම්හානි පන්දු 84කදී හයේ පහරක් සහ හතරේ පහර 14ක් සමග ලකුණු 93ක් ලබාගෙන ශතකය පෙනි පෙනීම දැවී ගියාය. ඇයට අනගි සහායක් ලබා දුන් ප්‍රජාපතීගෝතමී බාලිකා විදුහලේ සචිනි කාවින්ද්‍යා අර්ධ ශතකයක් (52) ලබා ගත්තාය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කළුතර බාලිකා විදුහලේ දිනෙත්මා පුදසරී ලකුණු 49කට කඩුලු 2ක් ලබා ගත්තාය.
පළමු ඉනිම සඳහා පිටියට පිවිසි කළුතර බාලිකාවෝ ඕවර 10.4කදී සියලු දෙනාම දැවී ලකුණු 22ක් ලබාගත්හ. කළුතර බාලිකාවන්ගෙන් කිසිම ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව පැන යාමට ඉඩ නොදුන් ප්‍රජාපතීගෝතමී බාලිකාවන්, බිඳවැටුණු කඩුලු 10න් 6ක්ම සිය නම ඉදිරියේ සටහන් කිරීමට තරුෂි ඉමාෂා සමත් වූවාය. ඒ, ලකුණු 7කටය.
පළමු ඉනිමේදී ප්‍රජාපතීගෝතමී බාලිකාවන්ගෙන් ලැබුණු ලකුණු 190ක දැවැන්ත අභියෝගය කර පින්නාගෙන දෙවැනි ඉනිම සඳහා පිටියට ගිය කළුතර බාලිකාවෝ තරගය නතර කරන විට ඕවර 36කදී කඩුලු 7ක් දැවී ලකුණු 135ක් ලබාගත්හ.
ප්‍රජාපතීගෝතමී බාලිකා විද්‍යාලය පළමු ඉනිම ඕවර 26.5කදී කඩුලු 3ක්දැවී ලකුණු 212
(කවීෂා ගිම්හානි 93, සචිනි සාවින්ද්‍යා 52, දිනෙත්මා පුදසරී 49/2)
කළුතර බාලිකා විද්‍යාලය පළමු ඉනිම ඕවර 10.4කදී සියලු දෙනාම දැවී ලකුණු 22
(උමල්‍යා අකේෂා නොදැවී 9, තරුෂි ඉමාෂා 7/6, අහස්යා සිප්සරා 2/2)
කළුතර බාලිකා විද්‍යාලය දෙවැනි ඉනිම තරගය නතර කරන විට ඕවර 36කදී කඩුලු 7ක් දැවී ලකුණු 135
(දිනෙත්මා පුදසරී නොදැවී 57, තරුවි තිදසරා 29, සචිනි සාවින්ද්‍යා 30/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.