Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජස්ථාන් පෙරමුණ රැකගනී
අයි.පී.එල්. - 2024

රාජස්ථාන් පෙරමුණ රැකගනී

editorial - 2024 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 41 ක් නිමාවට පත්වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 14 ක් ලබා සිටින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව සිටියි. මෙතෙක් සහභාගි වූ තරග 8 න් 7 ක් ජයගෙන සිටින රාජස්ථාන් ක්‍රීඩකයන් පරාජයට පත්ව ඇත්තේ එක් තරගයක් පමණි. 

කොල්කටා නයිට් රයිඩර්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් තරග 5 බැගින් ජය ගෙන ලකුණු 10 බැගින් ලබා සිටින අතර ශුද්ධ ලකුණු වේගය අනුව කොල්කටා කණ්ඩායම දෙවැනි ස්ථානයටත්, හයිද්‍රාබාද් කණ්ඩායම තෙවැනි ස්ථානයටත්, ලක්නව් කණ්ඩායම සිවුවැනි ස්ථානයටත් පත්ව සිටියි.
 
චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි කැපිටල්ස් සහ ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම් පිළිවෙලින් පස්වැනි, හයවැනි සහ හත්වැනි ස්ථානවල පසුවන අතර එම කණ්ඩායම් 3 ම තරග 4 බැගින් ජයගෙන ලකුණු 8 බැගින් හිමිකරගෙන සිටියි. 

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරග 3 ක් ජයගෙන ලකුණු 6 කට හිමිකම් කියමින් ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ රැදී සිටින අතර පන්ජාබ් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු යන කණ්ඩායම් ජයග්‍රහණ 2 කට බැගින් ලබා ලකුණු 4 බැගින් ලබා ලකුණු සටහනේ නමවැනි සහ දහවැනි ස්ථානවල පසුවේ.  

-036


අදහස් (0)

රාජස්ථාන් පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.