බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රාජෂාහී කිංග්ස් කණ්ඩායම සහ චිතගොංග් වයිකින්ස් කණ්ඩායම අතර චිතගොංග්හිදී අද (29 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 33 ක ජයක් අත්කර ගැනීමට රාජෂාහී කිංග්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 124 ක ඉලක්කයක් හඹා ගිය චිතගොංග් වයිකින්ස් පිතිකරුවන්ට රාජෂාහී පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.2 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කුවාසි ඔනික් ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගනිමින් චිතගොංග් කණ්ඩායමේ පිතිකරුවන් අසරණ කළේය.
චිතගොංග් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ස්ටේන් වැන් සිල් පන්දු 29 කදී ලකුණු 27 ක් රැස්කළ අතර එනමුල් හක් පන්දු 20 කදී ලකුණු 23 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් රාජෂාහී කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ නායක ඩැරන් සැමී පන්දු 25 කදී ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
මුෂ්ෆිකුර් රහීම් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 31 ක්ද, ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක්ද, ලුක් රයිට් හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක්ද රැස්කරමින් රාජෂාහී ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
චිතගොංග් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලුයිස් රීස් ලකුණු 33 කට කඩුලු 3 ක් දවාගත්තේය.
රාජෂාහී කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 157
(ලුක් රයිට් 25, සකීර් හසන් 17, මුෂ්ෆිකුර් රහීම් 31, ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් 30, ඩැරන් සැමී 40, ලුයිස් රීස් 33/3)
චිතගොංග් වයිකින්ස් පිල - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 124
(එනමුල් හක් 23, ස්ටේන් වැන් සිල් 27, සිකන්දර් රාසා 17, කුයිස් ඔනික් 17/4, මුස්තෆිසුර් රෙහෙමාන් 18/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.