ශ‍්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ ජාතික කනිෂ්ඨ කැරම් තරගාවලියේ (2016) වයස් කාණ්ඩ බාලක ඉසව්වලදී කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ශූරතා තුනක් සහ අනුශූරතා හතරක් දිනා ගැනීමට සමත් වුහ.
නඩරාජන් සංඛනිත්, විද්මල් රාජපක්ෂ සහ මොහොමඞ් සහීඞ් යන රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ පිළිවෙලින් වයස 13 න් පහළ, 15 න් පහළ සහ 21 න් පහළ බාලක වයස් කාණ්ඩවලින් ශූරතා දිනාගත්හ. 17 න් පහළ සහ 21 න් පහළ බාලක වයස් කාණ්ඩ දෙකේ කේවළ සහ යුගළ ඉසව්වන්ගෙන් අනුශූරතා හතරක්ද රාජකීය විදුහලට හිමිවිය.
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 350 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලිය ඉරිදා (20) කොහුවල ශ‍්‍රී ලංකා කැරම් මුලස්ථානයේදී නිමාවිය.
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ අයි. එන්. කලංසුරිය, නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ කවීන් නිම්නෙත් සහ නුගේගොඩ අනුලා විදුහලේ මින්සාදි ලක්නාරා කේවළ සහ යුගල ඉසව් දෙකටම සහභාගිවෙමින් ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත්වුහ.
අවසන් තරග ප‍්‍රතිඵල:
13 න් පහළ කේවළ ඉසව්ව (බාලක)
නඩරාජන් සංකනිත් (කොළඹ රාජකීය) විසින් සුභාෂ් මධුරංග (මොරටුව වේල්ස් කුමර) පරාජය කරන ලදී. (25/0)
තෙවැනි ස්ථානය: අක්සෙන් වින්දිය නානායක්කාර (කඵබෝවිල කොළඹ දකුණු ජාත්‍යන්තර විද්‍යාලය)
13 න් පහළ කේවළ ඉසව්ව (බාලිකා)
තස්මිලා කාවින්දි (නුගේගොඩ මහාමායා) විසින් නිපුනි දිල්රුක්ෂි (නුගේගොඩ මහාමායා) පරාජය කරන ලදී. (25/0)
තෙවැනි ස්ථානය: විහගි ජනුද්දි (නුගේගොඩ මහාමායා)
15 න් පහළ කේවළ ඉසව්ව (බාලක)
විද්මල් රාජපක්ෂ (කොළඹ රාජකීය) විසින් සහන් නිර්මාන් (නුගේගොඩ ශා.ජෝන්) පරාජය කරන ලදී. (21/8,22/25,25/17)
තෙවැනි ස්ථානය: දිලාන් මෙෂාක් (නුගේගොඩ ශා.ජෝන්)
15 න් පහළ කේවළ ඉසව්ව (බාලිකා)
නෙත්මා සෙව්මිනී (නුගේගොඩ මහාමායා) විසින් සුමල්යා විදානගම (පන්නිපිටිය ධර්මපාල) පරාජය කරන ලදී. (23/25,25/18,25/5)
තෙවැනි ස්ථානය: නුවන්තිකා සංජීවනී (නුගේගොඩ මහාමායා)
17 න් පහළ කේවළ ඉසව්ව (බාලක)
කවීන් නිම්නෙත් (නුගේගොඩ ශා.ජෝන්) විසින් සෙනත් රාජපක්ෂ (කොළඹ රාජකීය) පරාජය කරන ලදී. (25/2,25/23)
තෙවැනි ස්ථානය: සුරාජ් මධුවන්ත (මොරටුව වේල්ස් කුමර)
17 න් පහළ කේවළ ඉසව්ව (බාලිකා)
මින්සාදි ලක්නාරා (නුගේගොඩ අනුලා) විසින් තරුෂි හිමහංසිකා (නුගේගොඩ මහාමායා) පරාජය කරන ලදී. (25/0,15/25,25/2)
තෙවැනි ස්ථානය: කුසල්යා විදානගම (පන්නිපිටිය ධර්මපාල)
19 න් පහළ කේවළ ඉසව්ව (බාලක)
අයි.එන්.කලංසුරිය (මහනුරව ශා.සිල්වෙස්තර) විසින් දිනෙත් දුලක්ෂණ (නුගේගොඩ ශා.ජෝන්) පරාජය කරන ලදී. (25/12,25/18)
තෙවැනි ස්ථානය: සශ‍්‍රික මුතුනායක (මොරටුව වේල්ස් කුමර)
19 න් පහළ කේවළ ඉසව්ව (බාලිකා)
පවනි යශෝදා (නුගේගොඩ සමුද්‍රාදේවි බාලිකා) විසින් දෙටුනි නොමායා (පන්නිපිටිය ධර්මපාල) පරාජය කරන ලදී. (25/24,25/17)
තෙවැනි ස්ථානය: සුචිනි ශෂිකලා (නුගේගොඩ මහාමායා)
21 න් පහළ කේවළ ඉසව්ව (බාලක)
මොහොමඞ් සහීඞ් (කොළඹ රාජකීය) විසින් අනාස් අහ්මඞ් (කොළඹ රාජකීය) පරාජය කරන ලදී. (25/12,25/18)
තෙවැනි ස්ථානය: මනුක අෂේන් (කොළඹ රාජකීය)
17 න් පහළ යුගල ඉසව්ව (බාලක)
සහන් ගීත් සහ කවීන් නිම්නෙත් (නුගේගොඩ ශා.ජෝන්* විසින් විද්මාල් රාජපක්ෂ සහ සෙනත් රාජපක්ෂ (කොළඹ රාජකීය) පරාජය කරන ලදී. (25/11,25/17)
තෙවැනි ස්ථානය: දසුන් ප‍්‍රියනෙත්ම සහ සත්සර ඉදුරංග (මොරටුව වේල්ස් කුමර)
17 න් පහළ යුගල ඉසව්ව (බාලිකා)
මින්සාදි ලක්නාරා සහ විනුකි සෙනුදුනී (නුගේගොඩ අනුලා) විසින් නුවන්තිකා සංජීවනී සහ තස්මිලා කාවින්දි (නුගේගොඩ මහාමායා) පරාජය කරන ලදී. (25/1,7/25,25/4)
තෙවැනි ස්ථානය: තරුෂි හිමහංසිකා සහ සදිනි නිරාෂා (නුගේගොඩ මහාමායා)
21 න් පහළ යුගල ඉසව්ව (බාලක)
අයි.එන්.කලංසුරිය සහ ඩබ්.එම්.මුෆීස් (මහනුරව ශා.සිල්වෙස්තර) විසින් මොහොමඞ් සහීඞ් සහ අනාස් අහ්මඞ් (කොළඹ රාජකීය) පරාජය කරන ලදී. (25/18,25/13)
තෙවැනි ස්ථානය: සශ‍්‍රික මුතුනායක සහ මිනෝජ් රවිඳු (මොරටුව වේල්ස් කුමර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.