අන්තර් පාසල් වයස 19 න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක‍්‍රීඩා කළ කොළඹ රාජකීය විදුහල දෙවැනි කොටසට පහත දැමූ බව ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය පවසයි.
මේ පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පැවසුවේ පසුගිය වසරේ (2012/2013) එම විදුහල තරගාවලිය අතරතුදී තරගාවලියෙන් ඉවත්වීම නිසා දෙවැනි කොටසට පහත දැමීමට තම සංගමය පියවරගත් බවයි.
‘‘රාජකීය විදුහල දෙවැනි කොටසේ ක‍්‍රීඩා නොකළ හොත් පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන කිසිඳු සම්මාන උළෙලට එම විදුහල නිර්දේශ වෙන්නේ නෑ. කිසියම් පාසලකට තම අභිමතය අනුව ක‍්‍රීඩා කරනවා නම් සංගමයක් අවශ්‍ය නෑ’’ යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
කාණ්ඩ ක‍්‍රමයට පැවැති තරගාවලිය නිසා ‘සාම්ප‍්‍රදායික’ තරග ක‍්‍රීඩා කිරීමට නොහැකි වන බව පවසමින් කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පසුගිය වසරේ තරගාවලිය ඉවත් විය.
දෙවැනි කොටසට පහත දැමීම පිළිබ`දව කළ විමසුමකදී කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩා අංශ ප‍්‍රධානී සහ සහකාර විදුහල්පති එම්. ටි. ඒ. රවුෆ් මහතා පැවසුවේ තමන් පසුගිය වසරේ කළ යුතුයැයි කළ වෙනස්කම් මෙවර ලැබී ඇති නිසා මෙවර තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටියා. තමන් තරගාවලි රැුස්වීම්වලට ද සහභාගි වුවත් දෙවැනි කොටසට පහත දැමූ බවට පාසල් ක‍්‍රිකට් සංගමය දැනුම් දැන් බවයි.
‘‘මේ පිළිබඳව අපි පාසල් ක‍්‍රිකට් සංගමයේ සභාපතිවරයා ඇතුළු ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. අපේ ඉල්ලීම් ලැබී තිබෙන නිසා අපි ප‍්‍රශ්නයක් නෑ. නමුත් අපි අපේ තරගවලට ක‍්‍රීඩා කරනවා’’ යැයි රවුෆ් මහතා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.