Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීයයෝ 15 න් පහළ ශූරතාව දිනති

රාජකීයයෝ 15 න් පහළ ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.

කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 110 කින් මීගමුව ශාන්ත පීතර විදුහල පරාජය කරමින් රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම එම ශූරතාවට හිමිකම් කීවේය.

ශාන්ත පීතර විදුහලට ඕවර 39.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 130 ක් පමණි. රාජකීය විදුහලේ සදීෂ රාජපක්ෂ සහ චනිඳු දෙව්හාන් කඩුලු 2 බැගින් දවාගනිමින් ශාන්ත පීතර ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට රෙසඳු තිලකරත්න (58) සමත් වූ අතර පන්දු 67 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.


රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 240
(රෙසඳු තිලකරත්න 58, සදීෂ රාජපක්ෂ නොදැවී 48, නෙතින් පනාපිටිය 30, කවීන් ආනන්ද 23, තෙවිඳු සේනවීර 20, උතුම් දිසානායක 13, අසිත ස්ටීවන් 33/2, දිනෙත් තත්සර 54/2)

ශාන්ත පීතර විදුහල - ඕවර 39.5 කදී සියලු දෙනා දැවී 130
(ලසිත් නිසලංක 39, බ්‍රයන් ජුලියස් 26, ෂාන් මලීෂ 22, දිනෙත් තත්සර 13, සදීෂ රාජපක්ෂ 8/2, චනිඳු දෙව්හාන් 27/2)

ශූරතාව දිනාගත් රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම


අදහස් (0)

රාජකීයයෝ 15 න් පහළ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.