Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රවිඳු - ගිහාන් අසාර්ථක ගමනක

රවිඳු - ගිහාන් අසාර්ථක ගමනක

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන තායිපේහිදී පැවැත්වෙන 18 වැනි ආසියානු කණ්ඩායම් ස්කොෂ් ශූරතාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිරිමි ස්කොෂ් කණ්ඩායම අද (12 වැනිදා) පැවැති තරගයකදී සිංගප්පූරුව හමුවේ පරාජයට පත්විය.

ගිහාන් සුවාරිස්, රවිඳු ලක්සිරි සහ ශමිල් වකීල් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර තරග 3-0 ක් ලෙස ඔවුහු සිංගප්පූරු කී‍්‍රඩකයන් තිදෙනා හමුවේ පරාජයට පත්වූහ.

ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් මුහුණදුන් තරග තුනෙන් ප‍්‍රතිවාදීන්ට ප‍්‍රබල සටනක් දීමට ගිහාන් සුවාරිස් සහ රවිඳු ලක්සිරි සමත්වූ අතර එහිදී එක් තරග වටය බැගින් ජයගැනීමටද ඔවුහු සමත් වූහ.

ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක චීන තායිපේ, හොංකොං, කටාර්, ඉරාකය, පාකිස්තානය, සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව, බංග්ලාදේශය, ඉන්දියාව, ජපානය, පිලිපීනය සහ මැකාවෝ යන රටවල් මෙම තරගාවලියට සහභාගි වෙයි.

ගිහාන් සුවාරිස්, රවිඳු ලක්සිරි, ශමිල් වකීල්, දෘවන්ක පෙරේරා, මිහිලියා මෙත්සරණි, කසුනි ගුණවර්ධන, නඳුනි ගුණවර්ධන සහ ෆතූම් ඉසඞීන් යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වී සිටිති. තරගාවලිය ලබන 15 වැනිදා දක්වා පැවැත්වේ.


ශ‍්‍රි ලංකාව සහ සිංගප්පූරුව අතර තරගය

  • සැමුවෙල් කැන්ග් විසින් තරග වට 3-0 ක් ලෙස ශමිල් වකීල් පරජය කරන ලදි. (11/3, 11/2, 11/4)
  • බ‍්‍රයන් කෝ විසින් තරග වට 3-1 ක් ලෙස රවිඳු ලක්සිරි පරාජය කරන ලදි. (11/9, 9/11, 12/10, 11/4)
  • පැන්ග් කා හෝ විසින් තරග වට 3-1 ක් ලෙස ගිහාන් සුවාරිස් පරාජය කරන ලදි. (11/7, 10/12, 11/4, 12/10)

 


අදහස් (0)

රවිඳු - ගිහාන් අසාර්ථක ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.