Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රඹුක්වැල්ලගෙන් වේගවත් ශතකයක්

රඹුක්වැල්ලගෙන් වේගවත් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මීගමුව පිල සහ ද්‍රවිඩ සංගම් පිල අතර ගම්පහ කදිරාන ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති තරගයේදී වේගවත් පිතිහරඹයක නිරතවූ ද්‍රවිඩ සංගම් පිලේ රමිත රඹුක්වැල්ල පන්දු 55 කදී හයේ පහර 5 න් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 102 ක් රැස්කිරීමට සමත්විය.

තරග 10 ක් ක්‍රීඩාංගණ 10 කදී අද පැවැති අතර එන්.සී.සී, බී.ආර්.සී, හලාවත මේරියන්ස්, නාවික හමුදාව, එස්.එස්.සී, සැරසන්ස්, ද්‍රවිඩ සංගමය, බ්ලූම්ෆීල්ඞ්, ගුවන් හමුදාව සහ පානදුර යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළහ.

කළකට පසුව ලකුණු අතරට පැමිණි මහේල උඩවත්ත පන්දු 116 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 109 ක් රැස්කිරීමට සමත්විය.

කුරුණෑගල යොවුන් පිලේ කල්හාර සිනෙත්, ගුවන් හමුදා පිලේ ශොහාන් රංගික, සී.සී.සී පිලේ වනිඳු හසරංග සහ පානදුර පිලේ දුලාංජන සෙනෙවිරත්න කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුහ.

 

ද්‍රවිඩ සංගමය සහ මීගමුව කණ්ඩායම් අතර කදිරාණ ක්‍රීඩාංගණයේදී
 
ද්‍රවිඩ සංගමයට කඩුලු 8 ක ජයක්

මීගමුව - ඕවර 46.3 කදී සියලුදෙනා දැවී ලකුණු 156
(දිලාශ්‍රී ලොකුබණ්ඩාර 42, සඳුන් ඩයස් 23, රවින්ඳු කරුණාරත්න 24, ප්‍රමෝද් ලියනගමගේ 26/3, දිනුක් වික්‍රමනායක 28/3, දුලාංජන මෙන්ඩිස් 23/2)
ද්‍රවිඩ සංගමය - ඕවර 20.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 159
(රමිත රඹුක්වැල්ල 102, තරංග පරණවිතාන නොදැවී 25)

 

එන්.සී.සී සහ පොලිස් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී පිලට ලකුණු 180 ක ජයක්

එන්.සී.සී - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 291
(ළහිරු උදාර 44, සඳුන් වීරක්කොඩි 23, මහේල උඩවත්ත 109, ඇන්ජලෝ පෙරේරා 83, මහේෂ් ප්‍රියදර්ශන 64/4, බුද්ධික සංජීව 49/3, )
පොලිස් - ඕවර 23.4 කදී සියලුදෙනා දැවී ලකුණු 111
(මහේෂ් ප්‍රියදර්ශන 35, සුපේෂල ජයතිලක 36, ළහිරු කුමාර 24/4, තරිඳු කෞෂාල් 05/2, ලසිත් ඇඹුල්දෙණිය 17/2, නුවන් කරුණාරත්න 30/2)

 

බී.ආර්.සී සහ බදුරලිය කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී. පිලට කඩුලු 7 ක ජයක්

බදුරලිය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 216
(පැතුම් නිස්සංක 50, දිල්හාන් කුරේ 29, නදීර නාවල 44, අලංකාර අසංක නොදැවී 33, සාරංග රාජගුරු 31, හිමේෂ් රාමනායක 52/3, චාමිකර එදිරිසිංහ 38/2, සුරාජ් රංදීව් 44/2)
බී.ආර්.සී - ඕවර 37.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 217
(ලිසුල ලක්ෂාන් 107, දේෂාන් ඩයස් 35, ලසිත් ලක්ෂාන් 42, සාරංග රාජගුරු 37/2)

 

හලාවත මේරියන්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර කටුනායකදී

හලාවත මේරියන්ස්ට ලකුණු 80 ක ජයක්

හලාවත මේරියන්ස් - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 270
(කසුන් විදුර 77, රෝහිත් දාමෝදරන් 24, සචිත්‍ර සේරසිංහ 67, තීක්ෂණ ද සිල්වා 33, නුවන් ලියනපතිරණ 24/2, අජන්ත මෙන්ඩිස් 44/2)
යුදහමුදාව - ඕවර 38.1 කදී සියලුදෙනා දැවී ලකුණු 190
(අශාන් රංදික 25, ලක්ෂිත මදුශාන් 38, ජනිත් සිල්වා 24, සීක්කුගේ ප්‍රසන්න 27, අජන්ත මෙන්ඩිස් 36, අසිත ප්‍රනාන්දු 14/4, දිල්ශාන් ගුණවර්ධන 37/2, රයිෆි ගෝමස් 41/2)

 

නාවික හමුදාව සහ කළුතර නාගරික කණ්ඩායම් අතර වැලිසරදී

නාවික හමුදාවට කඩුලු 6 ක ජයක්

කළුතර නාගරික - ඕවර 49.5 කදී  සියලුදෙනා දැවී ලකුණු 193
(ක්‍රිෂේන් අපෝන්සු 23, එරංග රත්නායක 22, ඩෙවින් පත්මනාදන් 46, එම්.නිමේෂ් 32, නුවන් සම්පත් 32/4, කුසල් එඳුසූරිය 24/3)
නාවික හමුදාව - ඕවර 47.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 197
(තරූෂාන් ඉද්දමල්ගොඩ 58, කුසල් එඳුසූරිය නොදැවී 71, ඉශාන් අබේසේකර නොදැවී 32, ලක්ෂාන් ජයසිංහ 33/2, මතීෂ පෙරේරා 41/2)

 

කුරුණෑගල යොවුන් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර වෙළගෙදර ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී පිලට ලකුණු 142 ක ජයක්

එස්.එස්.සී - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී ලකුණු 275
(දිමුත් කරුණාරත්න 132, ධම්මික ප්‍රසාද් 50, කල්හාර සිනෙත් 43/5, කේශාන් විජේරත්න 64/2)
කුරුණෑගල යොවුන් - ඕවර 31.4 කදී සියලුදෙනා දැවී ලකුණු 133
(චරිත් මෙන්ඩිස් 53, ධනුෂ්ක ධර්මසිරි 32, චරිත් අසලංක 12/3, සචිත්‍ර සේනානායක 38/3, ජෙෆ්රි වැන්සසේ 26/2)

 

මූවර්ස් සහ සැරසන්ස් කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී

සැරසන්ස්ට කඩලු 5 ක ජයක්

මූවර්ස් - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 220
(ඉරෝෂ් සමරසූරිය 68, චරිත කුමාරසිංහ 22, තිලක්ෂ සුමනසිරි 51, කෝසල කුලසේකර 21, රොෂාන් ජයතිස්ස 38/3, ඇන්ඩි සොලමන්ස් 44/2, සාලිය සමන් 50/2)
සැරසන්ස් - ඕවර 46 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 221
(රුවිඳු ගුණසේකර 52, හර්ෂ කුරේ 29, ගමිඳු අමරසිංහ 61, අෂේන් බණ්ඩාර නොදැවී 46, සජීව වීරකෝන් 38/2)

 

බ්ලූම්ෆීල්ඩ් සහ රාගම කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී

බ්ලූම්ෆීල්ඩ් පිලට ලකුණු 12 ක ජයක්

බ්ලූම්ෆීල්ඩ් - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 260
(අදීශ නානායක්කාර 131, නිපුන් කරුණානායක 29, තිරාන් ධනපාල 21, ඉෂාන් ජයරත්න 60/3, උදාර ජයසුන්දර 47/2)
රාගම - ඕවර 48.5 කදී සියලුදෙනා දැවී ලකුණු 248
(ළහිරු මිලන්ත 56, ළහිරු තිරිමාන්න 26, රොශේන් සිල්වා 44, සමීර ද සොයිසා 36, සමින්ද ප්‍රනාන්දු නොදැවී 51, මලිත් ද සිල්වා 33/2, කසුන් රාජිත 53/2)

 

ගුවන් හමුදාව සහ සී.සී.සී කණ්ඩායම් අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී

ගුවන් හමුදාවට කඩුල්ලක තියුණු ජයක්

සී.සී.සී - ඕවර 45.3 කදී සියලුදෙනා දැවී ලකුණු 176
(දිල්ශාන් මුණවීර 28, මාධව වර්ණපුර 46, වනිඳු හසරංග 53, ශොහාන් රංගික 23/5, බුද්ධික සඳරුවන් 30/3)
ගුවන් හමුදාව - ඕවර 41.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 180
(රංග දිසානායක 34, දිලිප් තාරක 30, ශොහාන් රංගික නොදැවී 41, වනිඳු හසරංග 21/5, ලක්ෂාන් සඳකැන් 45/3)

 

පානදුර සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර පානදුරදී

පානදුරට ලකුණු 22 ජයක්

පානදුර - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 213
(ගේෂාන් විමලධර්ම 26, විනෝද් පෙරේරා 55, තරිඳු මදුරංග 37, අරවින්ද ප්‍රේමරත්න නොදැවී 20, රමේෂ් නිමන්ත 29/2, චරිත් ජයම්පති 32/2)
වරාය අධිකාරිය - ඕවර 43.3 කදී සියලුදෙනා දැවී ලකුණු 191
(යොහාන් ද සිල්වා 48, පවන් වික්‍රමසිංහ 20, ගිහාන් රූපසිංහ 54, අනුක් ද අල්විස් 29, දුලාංජන සෙනෙවිරත්න 64/5, අරවින්ද ප්‍රේමරත්න 27/3, විනෝද් පෙරේරා 32/2)

 


අදහස් (0)

රඹුක්වැල්ලගෙන් වේගවත් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.