Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රන් කාණ්ඩයේ ලමිඳු පෙරමුණේ

රන් කාණ්ඩයේ ලමිඳු පෙරමුණේ

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කරන විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලයේ පළමු දිනය නිමාවන විට වයස අවුරුදු 17 න් පහළ (රන් කාණ්ඩය) කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ලමිඳු රයිනික සමත් විය. ඔහුට ඊයේ (15 වැනිදා) තරග නිමා කිරීම සඳහා වැය වූ පහර සංඛ්‍යාව 81 කි.

ලමිඳුට වඩා එක් පහරක් වැඩියෙන් (පහර 82) එල්ල කරමින් තරගය නිමා කළ හිරුණ සිගේරා ලකුණු සටහනේ දෙවැනියා බවට පත්විය. බුද්ධික ජයලත් (පහර 84), ප‍්‍රශාන් ලක්ෂිත (පහර 85), ආර්මන්ඞ් කල්දේරා සහ ප‍්‍රවීන් රාජ් (පහර 89) පිළිවෙළින් ලකුණු සටහනේ තෙවැනි, සිව්වැනි සහ පස්වැනි ස්ථාන වලට පත්වූහ.
 
අවුරුදු 11 ත් 14 ත් අතර (රිදී කාණ්ඩය) වයස් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සත්සර දිල්ෂාන් සමත් වූ අතර ඔහු පහර 81 කින් ඊයේ තරගය නිමා කළේය. ටානියා මිනෙල් සහ විනෝද් වීරසිංහ (පහර 83) එම කාණ්ඩයේ දෙවැනි ස්ථාන හිමිකරගත්හ.

පහර 40 කින් තරගය අවසන් කළ නයිජල් ප‍්‍රනාන්දු, අවුරුදු 10 න් පහළ (ලෝකඩ කාණ්ඩය) වයස් කාණ්ඩයේ පෙරමුණ දිනාගත් අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලෙවෝන් නියරපොළ (පහර 41) ටද, තෙවැනි ස්ථානය කේ. ධනුෂාන් (පහර 45) ටද හිමිවිය.

මෙම තරගාවලිය එළඹෙන 17 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

 

රන් කාණ්ඩය
ක්‍රීඩකයා/ ක්‍රීඩිකාව පළමු දිනය
ලමිඳු රයිනික  81
හිරුණ සිගේරා  82
බුද්ධික ජයලත්  84
ප්‍රශාන් ලක්ෂිත  85
ආර්මන්ඩ් කල්දේරා  89
ප්‍රවීන් රාජ්  89
එස්. ෆ්ලෙමින් 91
ඩැරන් හෝල්  92
වී. සරන්රාජ් 94
ඇස්ටන් ගෝඩ්ෆේ‍්‍ර 98
 
රිදී කාණ්ඩය
ක්‍රීඩකයා/ ක්‍රීඩිකාව පළමු දිනය
සත්සර දිල්ෂාන්  81
ටානියා මිනෙල්  83
විනෝද් වීරසිංහ 87
දෙව්මිත් වීරරත්න  93
අවිෂ්ක ගුණවර්ධන  95
ඉමාන් සංගානි  96
ආර්. සබීෂාන්  98
යොහාන් රුක්මන්  98
රෙවෝනි ගෝඩ් 101
පී. ඒ. දිමුත්  102
 
ලෝකඩ කාණ්ඩය
ක්‍රීඩකයා/ ක්‍රීඩිකාව පළමු දිනය
නයිජල් ප්‍රනාන්දු 40
ලෙවොන් නියරේපොල 41
කේ. ධනුෂාන්  45
තියෙන් කපිලසේන  46
තනීෂ් සමරවික්‍රම 49
නිරේඛ් තේජ්වානි 50
ජයිට්‍රා ද සේරම් 54
යනික් කුමාර  56
ශෙරීන් මිතුරු  60
අකිර යටවර 65

අදහස් (0)

රන් කාණ්ඩයේ ලමිඳු පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.