Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රත්මලාන - ඒකල කඳවුරු සම ශූරතා දිනයි

රත්මලාන - ඒකල කඳවුරු සම ශූරතා දිනයි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ තරගාවලියේදී රත්මලාන ගුවන් හමුදා කඳවුරු සහ ඒකල ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම් සම ශූරතා හිමිකරගත්හ.  ඒකල ගුවන් හමුදා කඳවුර තරගාවලියේ කාන්තා ශූරතාව දිනාගත් අතර රත්මලාන ගුවන් හමුදා කඳවුරට කාන්තා අනු ශුරතාව හිමිවිය.

තරගාවලියේ දක්ෂතම කි‍්‍රඩකයා ලෙස නායක ගුවන් භට එම්. ඒ. අප්පුහාමි සම්මාන දිනාගත් අතර දක්ෂතම කි‍්‍රඩිකාව ලෙස ගුවන් කාන්තා සි. ඒ. රෝෂණී සම්මාන දිනාගත්තාය.  

මෙහි කුසලාන සහ සහතිකපත් ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සුබ සාධක අධ්‍යක්ෂ එයාර් වයිෂ් මාර්ෂල් ලාල් පෙරේරා මහතා සහභාගි වු අතර  ඒකල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ඇතුළු නිලධාරීන් සහ කි‍්‍රඩක කි‍්‍රඩිකාවෝ විශාල පිරිසක් ඊට සහභාගී වූහ.

ශි‍්‍ර ලංකා ගුවන් හමුදා කි‍්‍රඩා සභාව විසින් සංවිධානය කරන ලද මෙම බර ඉසිලීමේ තරගාවලිය ඒකල ගුවන් හමුදා කදවුරේදි පැවැත්විණ.


- 036


අදහස් (0)

රත්මලාන - ඒකල කඳවුරු සම ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.