(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පසුගිය වර සම ශූර රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්විය. රත්ගම දේවපතිරාජය පසුගිය වසරේදී මෙම කාණ්ඩයේ සම ශූරතාව දිනාගත් පාසල ද වෙයි.
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී රත්ගම දේවපතිරාජ විද්‍යාලය විසින් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරන ලදි. රත්ගම දේවපතිරාජයේ දිනෙත් ටෂේන් ලකුණු 28 කට කඩුලු 5ක් දවාලීමට සමත්විය.
රත්ගම දේවපතිරාජ විද්‍යාලය - පළමු ඉනිම -ඕවර 50 කදී කඩුලු 8 ට 110 යි
(මනීෂ සසපුන් නොදැවී 33, දිනෙත් ටෂේන් 30, සදෙව් ප්‍රභාෂණ 19, චදේෂ් ද සිල්වා 14/2, පෙමිත් පෙරේරා 24/2, හිරුජ සස්විදු 32/2)
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය - පළමු ඉනිම ඕවර 49 කදී- 107 යි
(පෙමිත් පෙරේරා 35, දිනෙත් ටෂේන් 28/5)

දිනෙත් ටෂේන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.