(ශානුක අරවින්ද)
කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 42 වැනි ‘ඇතුගල්පුර සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දින වූ ඊයේ (20 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි මලියදේව විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 105 ක් ලබා සිටියේය.
ඒ අනුව මලියදේව ක්‍රීඩකයෝ කඩුලු 8 ක් අතැතිව ශාන්ත ආනා විදුහලට වඩා තවත් ලකුණු 82 ක් පසුපසින් සිටිති. පළමු දිනය නිමාවට පත්වන විට රජිත් නවෝද්‍ය හතරේ පහර 5 ක් සමග ලකුණු 42 ක්ද, චන්දූප අබේසිංහ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 31 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල සඳහා ගොඩනගා තිබූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 70 කි.
කාසියේ වාසිය දිනූ මලියදේව කණ්ඩායම් නායක දිමත් අබේසිංහගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ආනා විද්‍යාලයට, මලියදේව විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 187 ක් පමණි.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිෂුද චන්ද්‍රසිරි ලකුණු 68 කට කඩුලු 4 ක් දවාගතතේය. ශාන්ත ආනා පළමු ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා නිෂුදට අනගි සහායක් දුන් නායක දිමත් අබේසිංහ ලකුණු 45 කට කඩුලු 3 ක්ද, සොනාල් අෂ්වින් ලකුණු 50 කට කඩුලු 3 ක්ද බිඳහෙළීමට සමත් වූහ.
ශාන්ත ආනා පළමු ඉනිමේදී කුෂාන් සුබසිංහ (58) සහ නායක යෂ්මිත් ජයසුන්දර (52) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. කුෂාන්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින්ද, යෂ්මිත්ගේ අර්ධ ශතකය හතරේ පහර 5 කින්ද සමන්විත විය. බිනරු දෙනුවන් ලකුණු 24 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
ශාන්ත ආනා පළමු ඉනිම - ඕවර 55.2 කදී සියලු දෙනා දැවී 187
(දිනුග අබේසේකර 17, කුෂාන් සුබසිංහ 58, යෂ්මිත් ජයසුන්දර 52, සනුජ නිඳුවර 15, බිනරු දෙනුවන් 24, නිෂුද චන්ද්‍රසිරි 64/4, දිමත් අබේසිංහ 45/3, සොනාල් අෂ්වින් 50/2)
මලියදේව පළමු ඉනිම - ඕවර 34 කදී කඩුලු 2 ක් දැවී 105
(තිවංක පබසර 24, රජිත් නවෝද්‍ය නොදැවී 42, චන්දූප අබේසිංහ නොදැවී 31)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.