Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යොවුන් ලෝක කුසලාන තරගාවලිය මැලේසියාවේදී

යොවුන් ලෝක කුසලාන තරගාවලිය මැලේසියාවේදී

Nisanka Sandeepani - 2017 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේ (2017) නොවැම්බර් මස ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබූ වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී නොපවත්වා මැලේසියාවේදී පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. ඊට හේතුවී ඇත්තේ එම තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විරෝධය දැක්වීමයි. 

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලන ගැටුම් මත පාකිස්තාන ක්‍රීඩකයන්ට ඉන්දියාවට ගොස් සිය මානසික ඒකාග්‍රතාව නිසි අයුරින් පවත්වාගනිමින් තරග වැදීමට නොහැකි යැයි පවසමින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට විරෝධය දක්වා තිබිණ. 

“මෙම තරගාවලිය මැලේසියාවට ගෙනයෑම සම්බන්ධයෙන් ඊට සහභාගි වන රටවල් නියෝජනය කරන සංවර්ධන කමිටුවේ සහ විධායක කමිටුවේ සියලුම සාමාජිකයන් එකඟතාව පළ කරලා තියෙනවා. යැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නජාම් සේති මහතා අද (12 වැනිදා) මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය.  

ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඍජුවම තරගාවලියේ මූලික වටය සඳහා සුදුසුකම් ලබා සිටියි. කටාර් රාජ්‍යය, සවුදි අරාබිය, ඕමානය සහ බහරේනය තේරීම් තරගාවලියකට සහභාගි වීමට නියමිත අතර එහිදී ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් දෙකද මූලික වටය සඳහා තෝරා ගැනේ. 

-036


අදහස් (0)

යොවුන් ලෝක කුසලාන තරගාවලිය මැලේසියාවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.