Last Update  :  2025-07-10 12:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදාවට 7-0 ක දැවැන්ත ජයක්

යුද හමුදාවට 7-0 ක දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග්’ ශූරයන්ගේ කුසලාන පාපන්දු ලීගයේ සුපිරි 8 දෙනාගේ වටයේ තරගයකදී සොලිඞ් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 7-0 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට යුද හමුදා ක්‍රීඩා සමාජය අද (17 වැනිදා) සමත් විය. මෙම තරගය කැලණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.

එහිදී ගෝල ත්‍රිත්වයක් ලබාගැනීමට එම්. එන්. ඉසඩීන් සමත් වූ අතර ඔහු 28 වැනි, 41 වැනි සහ 44 වැනි මිනිත්තු වලදී එම ගෝල ත්‍රිත්වය ලබාගත්තේය.  

එච්. ඩී. සිල්වා 13 වැනි සහ 47 වැනි මිනිත්තු වලදී ගෝල 2 ක් ලබාගත් අතර එම්. ජී. චන්ද්‍රසේරක 25 වැනි මිනිත්තුවේදීද, තරිඳු ධනුෂ්ක 89 වැනි මිනිත්තුවේදීද ගෝලය බැගින් ලබාගත්හ.


- 036

 


අදහස් (0)

යුද හමුදාවට 7-0 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.