අන්තර් කී‍්‍රඩා සමාජ රග්බි තරගාවලියේ අටවැනි සති අන්තයේ තරග ආරම්භ කරමින් අද ( 10 වැනිදා) සවස දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැති රග්බි තරගයකදී හම්බන්තොට ශාර්ක්ස් පිල පරදවා 26 - 3 ක පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් විය.
යුද හමුදා පිල ගෝල දිනුම් 3 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගත්තේය. හම්බන්තොට ශාර්ක්ස් පිලට ලබාගත හැකිවූයේ ඩ්‍රොප් ගෝලයක් පමණි.
යුද හමුදා පිල වෙනුවෙන් ෆිජි ජාතික බිලා උත්සාහක දිනුම් 3 ක් ලබාගත් අතර රිස්ලි මොහොමඞ් අනෙක් උත්සාහක දිනුම ලබාගත්තේය. උපාලි වික‍්‍රමසිංහ ඒවායින් තුනක් ප‍්‍රවර්ථනය කළේය. හම්බන්තොට පිල වෙනුවෙන් දේව් ආනන් එකම ඩ්‍රොප් ගෝලය ලබාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.