Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදාවට පහසු ජයක්

යුද හමුදාවට පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තානු යුද හමුදා වොලිබෝල් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කණ්ඩායම අතර පැවැතිතරගයෙන් ශ‍්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම තරග වට 3-0 ක පහසු ජයක් ලැබීය.

යුද හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බොනිෆස් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම තරගය ඉරිදා (29) අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මුලස්ථාන ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.

යුද හමුදා කණ්ඩායම් සමග තරග කිහිපයකට සහභාගිවීම සඳහා පාකිස්තානු යුද හමුදා වොලිබෝල් කණ්ඩායම පසුගිය 27 වැනිදා දිවයිනට පැමිණියේය.

පාකිස්තානු කණ්ඩායම දින අටක පමණ කාලයක් ශ‍්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතය. පාකිස්තානු කණ්ඩායම තරග වදින මීළඟ තරගය අනිද්දා (3) යුද හමුදා ස්වෙච්ඡා බළ සේනා වොලිබෝල් කණ්ඩායම සමග පැවැත්වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

පාකිස්තානු යුද හමුදා සහ ශ‍්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් තරගයේ උණුසුම් අවස්ථාවක්...

 

 

 


අදහස් (0)

යුද හමුදාවට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.