Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ I වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලකුණු 129ක ජයක් හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලය සමත්විය.
පසුගියදා මාතලේදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් යාපනය හින්දු විද්‍යාලය සියල්ලන් දැවී ලකුණු 213 ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඕවර 29 කදී සියල්ලන් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 84ක් පමණි.
යාපනය හින්දු විද්‍යාලය - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී 213 යි
(ටී. ප්‍රීතිකාන් 35, කේ. නිතීෂ් 31, කේ. ලෝජාන් 29, වයි. හේලික 49/3, සී. ඩී. තෙන්නකෝන් 21/2 )
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය - ඕවර 29 කදී සියලු දෙනා දැවී 84 යි
(ඩී. පණ්ඩිතරත්න 20, කේ. නිතීෂ් 08/3, එන්. නේරුජන් 19/3, ජී. ලක්ෂිගන් 21/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.