Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මින්හාජ් - තිමිර අර්ධ ශතක ලබති

මින්හාජ් - තිමිර අර්ධ ශතක ලබති

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 51 වැනි ‘බ්ලැක්හැම් විජේවර්ධන’ අනුස්මරණ කුසලාන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (04) අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරග අත්හිටුවන විට තර්ස්ටන් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී 206 ක් ලබා සිටියේය.

මෙහිදී තර්ස්ටන් විදුහල වෙනුවෙන් මින්හාජ් ජලීල් (61) සහ තිමිර ජයසිංහ (56) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.  

ඉසිපතන විදුහල් නායක කාමින්ද ධනංජය කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තර්ස්ටන් විදුහලට ආරාධනා කළේය.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පස්වරු 2.45 කට පමණ තරගය තාවකාලිකව අත්හිටුවූ අතර පසුව වර්ෂාව ඇඳ හැළීම නිසා පළමු දිනයේ ක‍්‍රීඩාව අවසන් කළේය.


තර්ස්ටන් විදුහල පළමු ඉනිම  ඕවර 55 කදී කඩුලූ 5 ට 206 (මින්හාජ් ජලීල් 61, තිමිර ජයසිංහ 56, කවිඳු කුලසේකර නොදැවී 47, චමීර දිසානායක 61/2)


අදහස් (0)

මින්හාජ් - තිමිර අර්ධ ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.