මොරටුව තරුණ ක‍්‍රිස්තියානි සංගමය සිවුවැනි වරටත් සංවිධානය කළ මිස්ටර් ‘වයි’ කායවර්ධන තරගාවලියේ ශූරයා ලෙස දුෂ්මන්ත උදයංග සම්මාන ලැබීය. එම සංගම් මුලස්ථානයේ පැවැති මෙම තරගාවලියේ ශූරයා වු දුෂ්මන්තට ‘සිරිදාස ලියනගේ අභියෝග’ කුසලාන පිරිනැමිණ.
තරගාවලියේ දෙවැනි ස්ථානය සුදේශ් මහේන්ද්‍රට හිමිවූ අතර පර්සි වෙලෙස්ට තෙවැනි ස්ථානය හිමිවිය.
කායවර්ධන උපදේශකයකු වන කිංස්ලි දාබරේ මහතාටද සේවය ඇගැයීමේ සහතිකයක් පිරිනැමිණ.
කායවර්ධන තරග විනිසුරුවරයකු වන දේශ ලියනගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට මොරටුව තරුණ ක‍්‍රිස්තියානි සංගමයේ ක‍්‍රීඩා කමිටු සභාපති ජේ. එස්. ඒ. ප‍්‍රනාන්දු, එම සංගමයේ සභාපති නිහාල් ප‍්‍රනාන්දු ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගිවුහ.
තරගාවලියේ පළමු ස්ථාන හිමිකරගත් තිදෙනා ඡායාරූපයේ දැක්වේ.
- 090
| තරගාවලියේ ශූරයා වු දුෂ්මන්ත සමග එහි දෙවැනි, තෙවැනි ස්ථාන හිමිකරගත් සුදේශ් මහේන්ද්‍ර සහ පර්සි වෙලෙස් |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.