Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මොබිටෙල් පිල කඩුලු 7 කින් ජයගනි

මොබිටෙල් පිල කඩුලු 7 කින් ජයගනි

ශනුක අරවින්ද - 2017 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කොටසේ තරගයකදී යුනිලීවර් කණ්ඩායම පරදවා කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට මොබිටල් කණ්ඩායම සමත් විය. මෙම තරගය අද (3 වැනිදා) කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සුපේෂල ජයතිලක නොදැවී ලකුණු 35 ක්ද, එරංග රත්නායක නොදැවී ලකුණු 33 ක්ද රැස්කරමින් මොබිටල් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර ළහිරු සමරකෝන් ලකුණු 28 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.  

යුනිලීවර් පිල - ඕවර 29 කදී සියලු දෙනා දැවී 105
(ළහිරු සමරකෝන් 28/3, ලක්ෂාන් ජයසිංහ 10/2, කෝෂාන් දනුෂ්ක 18/2)

මොබිටල් පිල - ඕවර 14 කදී කඩුලු 3 ක් දැවී 106  
(සුපේෂල ජයතිලක නොදැවී 35, එරංග රත්නායක නොදැවී 33, යොමේෂ් රණසිංහ 26/2)

 


අදහස් (0)

මොබිටෙල් පිල කඩුලු 7 කින් ජයගනි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.