Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේසපන්දු තරග අපේ‍්‍රල් 8-9

මේසපන්දු තරග අපේ‍්‍රල් 8-9

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පළාත් මේසපන්දු සංගමය සංවිධානය කරන බස්නාහිර පළාත් මහ ඇමති අභියෝග ශූරතා සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලිය ලබන අපේ‍්‍රල් මස 8 - 9 යන දින වලදී ගල්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


මෙහිදී වයස 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ, 18 න් පහළ සහ 21 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා කේවල තරග ඉසව් පමණක් පැවැත්වේ. එක් තරගකරුවකුට හෝ තරගකාරියකට සහභාගි විය හැක්කේ වයස් කණ්ඩ 2 ක තරග ඉසව් සඳහා පමණි.


විවෘත කාණ්ඩය යටතේ පිරිමි කේවල, පිරිමි යුගළ, කාන්තා කේවල, කාන්තා යුගළ සහ මිශ‍්‍ර යුගළ තරග පැවැත්වේ. තරගාවලියට සහභාගි වීමට නියමිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාව 300 කට අධිකය.


තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට සහතිකපත් සහ කුසලාන පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.


0777-751345 හෝ 0714-472400 යන දුරකතන අංක ඔස්සේ බස්නාහිර පළාත් මේසපන්දු සංගමයේ ලේකම් චන්දන පෙරේරා මහතා ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකිය.

 


අදහස් (0)

මේසපන්දු තරග අපේ‍්‍රල් 8-9

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.