Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මෙදා දක්ෂයෝ රාජකීයෙන් - විශාඛාවෙන්

මෙදා දක්ෂයෝ රාජකීයෙන් - විශාඛාවෙන්

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුගේගොඩ මේසපන්දු සංගමය සංවිධානය කළ බස්නාහිර පළාත් ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විදුහලේ තිසස් රංචාගොඩද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ විශාකා විදුහලේ සහන්‍යා බුද්ධදාසද සම්මාන දිනාගත්හ.

වයස 18 න් පහළ බාලක ශූරතාව දිනාගනිමින් තිසස් රංචාගොඩ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ අතර සහන්‍යා බුද්ධදාස දක්ෂතම ක්‍රීඩිකාව වූයේ වයස 12 න් පහළ බාලිකා සහ විවෘත කාන්තා ශූරතා දිනාගනිමිනි.
වයස 12 න් පහළ බාලක ශූරතාව සහ 15 න් පහළ බාලක අනු ශූරතාව දිනාගත් කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.

වයස 15 න් පහළ බාලිකා ශූරතාව දිනාගත් කොළඹ කාන්තා විදුහලේ ජිතාරා වර්ණකුලසූරිය, සහ 18 න් පහළ බාලිකා අනු ශූරතාව සහ විවෘත කාන්තා අනු ශූරතාවද දිනාගෙන තරගාවලියේ නැගී එන ක්‍රීඩිකාව බවට පත්වූවාය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියට බස්නාහිර පළාතේ පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400 ක් පමණ සහභාගී වූහ.

 


බාලක තරග ප්‍රතිඵල

■    වයස 8 න් පහළ
කකෙරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස දෙව්මෙත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජ්‍යාතන්තර පාසල) පරාජය කරන ලදි. (11/04, 11/04)

■    වයස 10 න් පහළ
සනුත් ජයසුමන (ගම්පහ ලයිසියම් ජ්‍යාතන්තර පාසල) විසින් තරග වට 2-1 ක් ලෙස තිසුම් ගමගේ (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (12/10, 03/11, 11/09)

■    වයස 12 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස සහිරු මුණසිංහ (ගම්පහ බණ්ඩාරනායක විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/06, 11/08)

■    වයස 15 න් පහළ
හේලිත හෙන්ඳාවිතාරණ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල)  පරාජය කරන ලදි. (13/11, 11/13, 11/08, 12/10)

■    වයස 18 න් පහළ
තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස හේලිත හෙන්ඳාවිතාරණ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (10/12, 12/10, 08/11, 11/07, 11/06)


බාලිකා තරග ප්‍රතිඵල

■    වයස 8 න් පහළ
සඳින්ති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මිෂාන්ති පාදෙණිය (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/05, 11/05)

■    වයස 10 න් පහළ
ෆාත්මාත් දීමා අලී (කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/05)

■    වයස 12 න් පහළ
සහන්‍යා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ෆාත්මාත් දීමා අලී (කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/08, 08/11, 11/06, 11/09)

■    වයස 15 න් පහළ
ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස තරින්දි පෙරේරා (කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/06, 11/08)

■    වයස 18 න් පහළ
නතාෂා සෙව්වන්දි (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස ජිතාරා වර්ණකුළසූරිය (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (08/11, 11/08, 09/11, 11/03, 12/10)


විවෘත තරග ප්‍රතිඵල

■    විවෘත පිරිමි
රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) විසින් තරග වට 3-0 ක් ලෙස මිලින්ද ලක්ෂිත (පිං පොං මේසපන්දු විද්‍යායතනය) පරාජය කරන ලදි. (11/08, 11/08, 14/12)
 
■    විවෘත කාන්තා
සහන්‍යා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ජිතාරා වර්ණකුළසූරිය (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/08, 11/03)

 


අදහස් (0)

මෙදා දක්ෂයෝ රාජකීයෙන් - විශාඛාවෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.