Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටයේ තරගයකදී ජයගත් මීගමුව ශාන්ත පීතර විදුහල අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (22 වැනිදා) සමත්විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට මීගමුව ශාන්ත පීතර විදුහල සමත්විය.
මීගමුව ශාන්ත පීතර විදුහල වෙනුවෙන් දිනෙත් සත්සර ලකුණු 26 කට කඩුලු 5 ක් සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහල වෙනුවෙන් කවිදු මල්ෂාන් ලකුණු 28 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශ්‍රී ධර්මාලෝක විදුහල - ඕවර 48.1 කදී සියලුදෙනා දැවී 168
(හසිඳු පියුමාල් 30, දිනෙත් තාරක 25, ලක්ෂිත බොතේජූ 23, දිනෙත් සත්සර 26/5, බ්‍රයන් ජුලියස් 26/2)
ශා. පීතර විදුහල - ඕවර 43.3 කදී කඩුලු 9 ක් දැවී 169
(බ්‍රයන් ජුලියස් 43, ශේන් මලීශ 37, ලසිත් නිසලංක 27, කවිදු මල්ෂාන් 28/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.