Last Update  :  2025-12-16 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මිහිරාන් අතරමැදි - ආධුනික මේසපන්දු ශූරතා දෙකම දිනයි

මිහිරාන් අතරමැදි - ආධුනික මේසපන්දු ශූරතා දෙකම දිනයි

editorial - 2025 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෆ්‍රෙන්ඩ්ෂිප් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කළ ආධුනික හා අතරමැදි මේසපන්දු තරග මාලාවේදි කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ ස්වාධිත්‍ය මිහිරාන් ශූරතා තුනක් දිනා ගනිමින් දක්ෂතා දැක්වීය.ඒ අතරමැදි, ආධුනික (පිරිමි) ශූරතා හැරෙන්නට වයස 17 න් පහළ (පිරිමි) කාණ්ඩයේ ශූරතාව දිනා ගනිමිනි.

වයස හතෙන් පහළ සිට බාලක හා බාලිකා ඉසව් රැසක් හැරෙන්නට එහිදී අතරමැදි හා ආධුනික යන කාණ්ඩ විවෘත කාන්තා හා පිරිමි ඉසව් මේ තරගාවලියට ඇතුළත් විය.

එහිදී ආධුනික (කාන්තා) ශූරතාව හොරයිසන් ජාත්‍යන්තර පාසලේ මිනුලී  හෙට්ටිආරච්චි විසින්ද, අතරමැදි කාන්තා ශූරතාව මහනුවර මහමායා බාලිකා විදුහලේ රනුදි ගනේගොඩ විසින්ද දිනා ගන්නා ලදී.

ජය සංකේත ප්‍රදානෝත්සවය මහරගම අපේක්ෂා ජාතික රෝහලේ වෛද්‍ය  සංජීව ගමගේ, වෛද්‍ය සුනෙත් සේනානායක, වෛද්‍ය ගනේගොඩ, ෆ්‍රෙන්ඩ්ෂිප් මේසපන්දු ක්‍රීඩා සමාජයේ සභාපති, හිටපු ජාතික මේසපන්දු පුහුණුකරු ජෝතිපාල සමරවීර,එහි ලේකම් රොහාන් ගනේගොඩ, භාණ්ඩාගාරික අයිරා රුවන්පතිරණ යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

- 223


අදහස් (0)

මිහිරාන් අතරමැදි - ආධුනික මේසපන්දු ශූරතා දෙකම දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.