ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරි මාස 6 ක කාලය ඇතුළත ජාත්‍යන්තර පිහිනුම් තරගාවලි 4 කට සහභාගි වීමට නියමිත බව ජාතික ජලක්‍රීඩා සංගමය කියයි.
එම තරගාවලි මෙසේය.
ජූලි 14 සිට 30 දක්වා ලෝක ශූරතා පිහිනුම් තරගාවලිය - හංගේරියාවේදී
ජූලි 16 සිට 23 දක්වා පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල - බහමාස්හිදී
අගෝස්තු 23 සිට 28 දක්වා ලෝක ශූරතා කණිෂ්ඨ පිහිනුම් තරගාවලිය - ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානාපොලිස්හිදී
සැප්තැම්බර් 09 සිට 16 දක්වා 09 වැනි ආසියානු වයස් සීමා පිහිනුම් තරගාවලිය - උස්බෙකිස්තානයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.