වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ හැටන් නැෂනල් බැංකු පිල සහ මාස් ඇක්ටිව් පිල අතර වෙළෙඳ සේවා සංගම් ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 46 ක ජයක් ලබාගැනීමට මාස් ඇක්ටිව් පිල සමත්විය.
ඒ අනුව මාස් ඇක්ටිව් පිල, එළබෙන 24 වැනිදා වෙළෙඳ සේවා සංගම් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොමාර්ෂල් කෙඩිට් පිලට එරෙහිව තරග වැදීමට නියමිතය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය හැටන් නැෂනල් බැංකු පිලට ඕවර 18.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 141 ක් පමණි.
එහිදී හැටන් නැෂනල් බැංකු පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ ආරම්භක පිතිකරු සමන් ජයන්ත පන්දු 35 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 71 ක් රැස්කිරීමට සමත්වුවත් සිය කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් මාස් ඇක්ටිව් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 187 ක් රැුස්කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ උදාර ජයසුන්දර නොදැවී ලකුණු 106 ක් රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
පන්දු 62 කදී වාර්තා වූ ඔහුගේ වේගවත් ශතකයට හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය.
වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගයේ එක් ඉනිමක් ඕවර 20 කට සීමා කෙරිණ.
මාස් ඇක්ටිව් පිල - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 187
(උදාර ජයසුන්දර නොදැවී 106, සචිත‍්‍ර සේරසිංහ 28, සචිත් පතිරණ නොදැවී 18, සංජීව වීරකෝන් 3/26)
හැටන් නැෂනල් බැංකු පිල - ඕවර 18.2 කදී සියලූ දෙනා දැවී 141
(සමන් ජයන්ත 71, සචිත‍්‍ර සේරසිංහ 15/3, ඩිල්ශාන් මුණවීර 8/2, සචිත‍්‍ර සේනානායක 43/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.