Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාරපොල මහ විදුහල මල්ලවපොර ශූරතාව දිනයි

මාරපොල මහ විදුහල මල්ලවපොර ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මරදාන අශෝක මහ විදුහලේදී පැවති සමස්ත ලංකා පාසල් මල්ලවපොර ශූරතාව දිනාගැනීමට මිනුවන්ගොඩ, මාරාපොල මහ විදුහල සමත්විය. රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 දිනාගනිමින් ඔවුහු මෙවර තරගාවලියේ ශූරතාවට හිමිකම් කීවෝය.

මින් පෙරද දෙවතාවක්ම සමස්ත ලංකා පාසල් මල්ලවපොර ශූරතාව දිනාගෙන තිබෙන මාරාපොල මහ විදුහල නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගවලට සහභාගීවීම සඳහා සුදුසුකම් ලබා තිබෙන කී‍්‍රඩකයන් සංඛ්‍යාව 6 කි.

බස්නාහිර පළාතේ සෙසු පාසල් සමග සංසන්දනය කරන විට ඉතාමත් සීමිත සම්පත් ප‍්‍රමාණයක් හිමි මාරපොල මහ විදුහල් කී‍්‍රඩකයන්ගේ දස්කම් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයටම ආඩම්බරයක් බව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඞී. එන්. ටයිටස් මහතා පැවසීය.

විද්‍යාලයීය මල්ලවපොර කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඩබ්. පී. දිලිප් කුමාර මහතා කටයුතු කරන අතර විද්‍යාලයේ කී‍්‍රඩා බාර ආචාර්යවරිය වශයෙන් ශ්‍යාමා පාලිකා මහත්මිය කටයුතු කරයි.


- 036

 


අදහස් (0)

මාරපොල මහ විදුහල මල්ලවපොර ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.