ගාල්ල මහින්ද විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 104 දැවැන්ත ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත් විය.
එහිදී අෂේන් කණ්ඩම්බි (75), විනුර දුල්සර (68) සහ ආර්. එච්. වැලිහිඳ (51) මහින්ද විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර කවිඳු එදිරිවීර ලකුණු 61 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
මහින්ද විදුහල පළමු ඉනිම - ඕවර 71.3 කදී කඩුලු 5 ක් දැවී 292
(අෂේන් කණ්ඩම්බි 75, විනුර දුල්සර 68, ආර්. එච්. වැලිහිඳ 51, නවෝද් පරණවිතාන 45, ළහිරු දිල්ෂාන් 32/2)
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 56.3 කදී සියලු දෙනා දැවී 137
(කවිඳු එදිරිවීර 48/3, කුෂාන් පුංචිහේවා 29/2)
ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 27.4 කදී සියලු දෙනා දැවී 51
(කවිඳු එදිරිවීර 13/4, අෂේන් කණ්ඩම්බි 14/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.