Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහේල අනුමාන වාර්තා ප්‍රතික්ෂේප කරයි

මහේල අනුමාන වාර්තා ප්‍රතික්ෂේප කරයි

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ඉල්ලුම් කිරීමට තමන් සූදානම් වන්නේ යයි පවතින අනුමාන කිරීම් වල ගතයුතු යමක් නැතැයි මහේල ජයවර්ධන ප්‍රකාශ කරයි.


‘ඉන්දියා ටුඬේ’ වාර්තාව ප්‍රකාශයට පත්වීමත් සමගම ට්විටර් පණිවුඩයක් තබමින් මහේල කියා සිටියේ මේ වන විට තමන් බාරගෙන සිටින මුම්බායි ඉන්දියන්ස් පිලේ සහ කුල්නා ටයිටන්ස් පිලේ වගකීම් කෙරේ වැඩිදුරටත් අවධානය යොමු කරන බවයි


“ඉන්දීය පිලේ පුහුණුකරු වීම සහ මා සම්බන්ධ කරගෙන යන මේ සියල්ලම චාටු කතාබහ වගෙයි පෙනෙන්නේ. ඒ කොහොම වුණත් මේ වෙලාවේදී නම් මා පූර්ණකාලීන තනතුරක් බලාපොරොත්තු වන්නේ නෑ” යයි මහේලගේ තවත් ට්විටර් පණිවුඩයක තිබිණ.


අදහස් (0)

මහේල අනුමාන වාර්තා ප්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.