Last Update  :  2026-03-21 17:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහින්ද පිතිකරුවෝ සාර්ථක පිළිතුරකට සැරසෙති
ආදරවන්තයන්ගේ සටන

මහින්ද පිතිකරුවෝ සාර්ථක පිළිතුරකට සැරසෙති

editorial - 2026 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 121 වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (20 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට මහින්ද විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 90 ක් ලබා සිටියේය. 

ඒ අනුව මහින්ද විදුහල් ක්‍රීඩකයෝ කඩුලු 8 ක් අතැතිව රිච්මන්ඩ් විදුහලට වඩා තවත් ලකුණු 225 ක් පසුපසින් සිටිති. දෙවැනි දිනය නිමාවට පත්වන විට රන්දුල මාබරණ හතරේ පහර 4 ක් සමග ලකුණු 29 ක්ද, දිනෙත් පබසර හතරේ පහරක් සමග ලකුණු 22 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

පළමු දිනය අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටි රිච්මන්ඩ් විදුහල, ඊයේ දිනයේදී සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට තවත් ලකුණු 112 ක් එක්කර ගත්හ. එහිදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 34 ක් රැස්කිරීමට නෙතුජ භාෂිත සමත් විය. මහින්ද විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මනිත රාජපක්ෂ ලකුණු 96 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය.  


රිච්මන්ඩ් විදුහල් පළමු ඉනිම - ඕවර 131.2 කදී සියලු දෙනා දැවී 315 
(රවිඳු රන්දුනු 85, අමීෂ රසාංජන 81, තෙනුෂ නිම්සර 26, මිනග ආරියදාස 16, නෙතුජ භාෂිත 34, පුනාල් හසංජිත් 21, මනිත රාජපක්ෂ 96/5, සදෙව් නෙත්මිණ 45/2, කවිඳු නිම්සර 47/2)
 
මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 39 කදී කඩුලු 2 ක් දැවී 90 
(දුල්සිත් දර්ෂන 22, රන්දුල මාබරණ 29, දිනෙත් පබසර නොදැවී 22) 


අදහස් (0)

මහින්ද පිතිකරුවෝ සාර්ථක පිළිතුරකට සැරසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.