Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහාමාත්‍ය විදුහලට දිනුක ජය ගෙනෙයි

මහාමාත්‍ය විදුහලට දිනුක ජය ගෙනෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිනුක සුභාෂණගේ දක්ෂ පන්දු යැවීම නිසා කෝට්ටේ ආනන්ද විදුහලට එරෙහිව අතුරුගිරියේදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් ඉනිමක සහ ලකුණු 29 ක ජයක් ලැබීමට අතුරුගිරිය මහාමාත්‍ය විදුහල සමත්විය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 97 ක් රැස්කිරීමේ අරමුණින් සිය දෙවැනි ඉනිම ඇරැුඹූ ආනන්ද විදුහලට, සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 68 ක් පමණි.

ඉනිම දෙකේදීම ආනන්ද විදුහලේ පිතිකරුවන් අසරණ කළ දිනුක සුභාෂණ ලකුණු 56 කට කඩුලූ 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ආනන්ද විදුහල පළමු ඉනිම ඕවර 55.4 කදී සියලූ දෙනා දැවී 136
(කේ. පි‍්‍රන්ස් 41, එම්. යූ. පෙරේරා 21, එස්. අශාන් 20, ඞී. එච්. වික‍්‍රමරත්න 17, දිනුක සුභාෂණ 31/4, සොහාන් අවිෂ්ක 41/3, මධුෂාන් අමරනාත් 18/2)

මහාමාත්‍ය විදුහල පළමු ඉනිම ඕවර 73 කදී සියලූ දෙනා දැවී 233
(රුසිත් විරංග නොදැවී 43, සොහාන් අවිෂ්ක 40, රමිත් උදාර 38, දිනුක සුභාෂණ 20, පසිඳු අකලංක 17, එන්. නවිඳු 68/4, එම්. උෂාන් 77/3)

ආනන්ද විදුහල දෙවැනි ඉනිම -  ඕවර 33.4 කදී සියලූ දෙනා දැවී 68
(සනත් කුමාර 24, තාරක දීමන්ත 24/5, දිනුක සුභාෂණ 25/5)

036


අදහස් (0)

මහාමාත්‍ය විදුහලට දිනුක ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.