කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති 43 වැනි ‘මස්ටෑන්ග්ස්’ කුසලාන සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් ලකුණු 131 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 217 ඉලක්කයක් හඹාගිය රාජකීය විදුහල් කණ්ඩායම ඕවර 33.4 ක් අවසානයේ ලකුණු 85 කට සීමා කිරීමට සාන්ත තෝමස් විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී රාජකීය විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී වූ ක්‍රිෂාන් මුණසිංහ ලකුණු 32 කට කඩුලු 5 ක් දවාගනිමින් තරගයේ වීරයා බවටද පත්විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහල නියමිත ඕවර 50 තුළදී කඩුලු 9 ක් දැවී ලකුණු 216 ක් ලබාගත්තේය. සාන්ත තෝමස් ඉනිමේ වැඩිම ලකුණු ලභියා බවට පත් වූ කළණ පෙරේරා ලකුණු 37 ක් ලබාගත් අතර තෙවින් ඊරියගම ලකුණු 36 ක්ද, දුලිත් ගුණරත්න ලකුණු 30 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූහ.
සාන්ත තෝමස් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 216
(කළණ පෙරේරා 37, තෙවින් ඊරියගම 36, දුලිත් ගුණරත්න 30, ශලින් ද මෙල් 22, මනීෂ රූපසිංහ 21, ක්‍රිෂාන් මුණසිංහ 20, යුවින් හේරත් 28/2)
රාජකීය විදුහල - ඕවර 33.4 කදී සියලු දෙනා දැවී 85
(කවිඳු මඳුරසිංහ 23, ක්‍රිෂාන් මුණසිංහ 32/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.