නාමල් පතිරගේ
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ යෝජිත නිලවරණයට (2026 - 28) ඇතුළත්වීම සදහා ව්‍යාජ සහතික ඉදිරිපත් කළ බවට දිදිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගම් දෙකක් හා එක් ක්‍රීඩා සමාජයකට චෝදනා එල්ලවී තිබේ. පොළොන්නරුව, අනුරාධපුරය යන දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගම් දෙකට හා ඒස් ක්‍රීඩා සමාජයට එරෙහිව එම විරෝධතාවය ගොනු කර ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය විසිනි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණයට නිර්දේශ ලබා ගැනීම සදහා සනාථ කළ යුතු ඇතැම් ලේඛන හා සහතික පත්‍ර ව්‍යාජ බවට චෝදනා කරමින් එම විරෝධතාවය ඉදිරිපත් කර ඇතැයිද වාර්තාවේ.
කෙසේවූවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුව වෙත යොමු කළ මලල ක්‍රීඩා නිලවරණයේ විරෝධතා විමර්ෂණ විභාගයේ තීන්දු අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඒ සමගම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය කැදවෙන දිනය නිලවරණ කමිටුව විසින් අද ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයිද වාර්තාවේ.
සුනිල් ගුණවර්ධන (ට්‍රැක් මාස්ටර්ස්), බිමල් විජේසිංහ (රත්නපුරය), ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුගත් කුමාර (මාතර) හා ප්‍රසන්න ඉන්දික (වෙළද සේවා) යන මහත්වරු මලල ක්‍රීඩා ආයතනයේ මෙවර නිලවරණයේදී සභාපති ධූරයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූවෝ වෙති.
එයින් සුගත් කුමාර හා ප්‍රසන්න ඉන්දික යන මහත්වරු සෙසු අපේක්ෂකයන් දෙදෙනාට සහය පළ කරමින් නාම යෝජනා ඉදිරිපත් කර තිබෙන බැවින් නිලවරණය කැදවෙන අවස්ථාවේදී ඔවුන් නාම යෝජනා ඉවත් කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.එබැවින් මෙවර නිලවරණය ප්‍රධාන පාර්ශව දෙකක් අතර සටනක් බවට පත්ව තිබේ.
මේ අතර උප භාංඩාගාරික ධූරය සදහා විමල් ශාන්තලාල් ද සිල්වා (රාජ්‍ය සේවා) මහතා ඊට ඉදිරිපත් වූ සෙසු නාමයෝජනා ප්‍රතික්ෂේප වීමෙන් නිතරගයෙන් පත්වීමට නියමිතය. එච්.ඒ.උපාලී (මාස්ටර්ස්), චන්ද්‍රසිරි සෙරුක්කාලී (ඒස්),ගයාන් වික්‍රමසිංහ (ජනසතු සේවා) යන මහත්වරුන්ගේ නාමයෝජනා එසේ නිලවරණ කමිටුවෙන් ප්‍රතික්ෂේපවී තිබේ.
මලල ක්‍රීඩා ආයතනයේ මීළග නිලවරණය සදහා ඉදිරිපත්ව තිබෙන සෙසු පිළිගත් නාමයෝජනා අතර ප්‍රධාන ලේකම් ධූරයට නාමයෝජනා තුනක්ද, භාණ්ඩාගාරික ධූරයට නාමයෝජනා දෙකක්ද, උප සභාපති ධූර දෙකක් සදහා නාමයෝජනා හතක්ද, ජාතික දත්ත සටහන්කරු ධූරයට නාමයෝජනා හා විධායක සභික කමිටුවේ ධූර අටක් සදහා නාමයෝජනා 26 ක්ද ඉදිරිපත් වී තිබේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය පසුගිය අගෝස්තු18 වැනිදා කැදවීමට සියළු කටයුතු යොදා තිබියදී එය ක්‍රීඩා ඇමැතිවරයාගේ නියමයෙන් අත් හිටුවනු ලැබීය.එයින් පසුව අගෝස්තු 25 වැනිදා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා නිකුත් කළ අති විශේෂ නියෝගයකින් මලල ක්‍රීඩා ආයතනයේ පරිපාලන කටයුතු තාවකාළිකව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා භාරයට පත් කරනු ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.