අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කළුතර තිස්ස මැදි විදුහල සහ පාදුක්ක සිරි පියරතන විදුහල අතර තිස්ස මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට සිරි පියරතන විදුහල සමත් විය.
එහිදී සිරි පියරතන විදුහලේ මනෙත් පවන් ලකුණු 32 කට කඩුලු 5 ක්ද, මධුෂාන් පීරිස් ලකුණු 15 කට කඩුලු 3 ක්ද දවාගනිමින් තිස්ස මැදි විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක වූහ.
තිස්ස මැදි විදුහල - ඕවර 31.1 කදී සියලු දෙනා දැවී 97
(ජනිත් ලක්රුවන් 22, මනෙත් පවන් 32/5, මධුෂාන් පීරිස් 15/3)
සිරි පියරතන විදුහල - ඕවර 18.1 කදී කඩුලු 3 ක් දැවී 99
(යසිරු දිනෙත් 26, සවීන් දෙව්මින 23, ධනුක නිෂාඩ් 19/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.