ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයෙන් ඉවත් වූ කේ මතිවානන් මහතාගේ ස්ථානයට ඉකුත් නිලවරණයේදී උප සභාපති ධූරයට තරග කර පරාජයට පත්වූ ශ්‍රී ලංකා රග්බි සංගමයේ වර්තමාන සභාපති අසංග සෙනෙවිරත්න පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
එහෙත් එම ධූරයට ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු පත්කරන ලෙස ඇතැමුන් ඉල්ලා සිටින බව ද දැනගන්නට ඇත.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම්වරයාගෙන් කළ විමසුමකදී පැවසුවේ එවැනි පත්කිරීමක් පිළිබඳ කිසිඳු සාකාච්ඡවක් නොකළ බවත් මීළග විධායක කමිටුවේදී ඒ පිළිබඳ සාකාච්ඡ කළ හැකි බවත්ය.
”ඔය කියන ආකාරයේ පත්කිරීමක් පිළිබඳව අපි දන්නේ නෑ. එවැනි දෙයක් සාකච්ඡ කළෙත් නෑ. අපි මාස හයක් උප සභාපතිවරයකු නැතුව වැඩ කළා” යයිද ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් උපසභාපති තනතුරෙන් ඉවත්වන බවට කේ. මතිවානන් මහතා ක‍්‍රිකට් ආයතනයට ලබාදුන් ලිඛිත දැනුම්දීම එහි විධායක කමිටුව පිළිගත් බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය.
මෙම ලිපිය පිළිබඳව තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිවේ විශේෂ රැස්වීමක් අද (09) පෙරවරුවේ පැවැත්විණි.
මේ වසර ආරම්භයේදී පැවැති ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයේදී කේ. මතිවානන් මහතා වැඩිම ඡන්ද ලබා උප සභාපති ධූරයට පත්වූ නමුත් කිසියම් හේතුවක් මත ඒ මහතා විධායක කමිටු රැස්වීම් ගණනාවකටම සහභාගි නොවූ බව වාර්තාවේ.
කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජයේ වසර 12 ක් සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා පසුගිය සිකුරාදා පැවැති එහි නිලවරණය සම්බන්ධ යැයි කියන හේතුවක් මත ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දුන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.