|
|
තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු වයස 14 න් පහළ II වැනි කාණ්ඩයේ ටෙනිස් තරගාවලියේ පළමු සතියේ බාලිකා අංශයේ ශූරතාව දිනාගැනීමට ශ්රී ලංකාවේ නෙයාරා වීරවංස සමත් වූවාය. අන්තර් ජාතික ටෙනිස් සම්මේලනය මෙම තරගාවලිය සංවිධානය කරයි.
අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස ලෙබනනයේ මාරියා බ්රීඩි පරාජය කරමින් ඇය ශූරතාව දිනාගත්තාය. තරගාවලිය පුරා මුහුණදුන් සෑම තරගයකදීම එකදු තරග වටයක් හෝ පරාජයට පත්නොවූ නෙයාරා, අවසන් තරගයද 6/3 ක් සහ 6/1 ක් ලෙස ජයගත්තේ සිය අපරාජිත වාර්තාව රැකගමිනි.
අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 කින් (7/6 සහ 6-0) ජෝර්දානයේ රැන්ඩා ඇල්කඞ්සි පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ඇය, අවසන් මහ තරගයට පිවිසියේ එහිදී තරග වට 2-0 කින් (7/6 සහ 6/2) නේපාලයේ ප්රෙරානා කොයිරාල පරාජය කරමිනි.
අංජලිකා කුරේරා සමග එක්ව තරගාවලියේ බාලිකා යුගළ ශූරතාව දිනා ගැනීමටද නෙයාරා වීරවංස සමත් වූවාය. ඒ අවසන් මහ තරගයේදී ශ්රී ලංකාවේ ඕෂිනි හේරත් සහ නේපාලයේ අභිලාෂා බිස්ටා තරග වට 2-0 කින් (6/3 සහ 7/6) පරාජය කරමිනි.
තරගාවලියේ බාලක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකාවේ පෙසන්ජිත් කන්නංගර සහ නේලක දිසානායක සමත් වුවත්, එහිදී පිළිවෙලින් සිරියාවේ ටයිම් ඇලස්මි (6/3 සහ 6/1) සහ ජෝර්දානයේ අබිදල්ලා ශෙල්බයා (6/2 සහ 6/1) හමුවේ තරගය වට 2-0 ක් ලෙස පරාජය වීම නිසා ඔවුන්ට අවසන් මහ තරගයට පිවිසිමේ වරම් අහිමි විය.
බාලක යුගළ තරගයේදීද අබිදල්ලා ශෙල්බයා සහ ටයිම් ඇලස්මි හමුවේ පෙසන්ජිත් කන්නංගර සහ නේලක දිසානායක පරාජයට පත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.