Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බ්ලූස් - ග්‍රීන්ස් තරගය අතහැර දමයි

බ්ලූස් - ග්‍රීන්ස් තරගය අතහැර දමයි

editorial - 2021 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ආරාධිත විස්සයි20 තරගාවලියේ 9 වැනි තරගය ලෙස මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති බ්ලූස් සහ ග්‍රීන්ස් කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

කාසියේ වාසිය දිනාගත් ග්‍රීන්ස් පිලේ නායක අෂාන් ප්‍රියංජන්ගේ ආරාධනයෙන් ධනංජය ද සිල්වා නායකත්වය දරන බ්ලූස් පිල පළමුව පන්දුවට පහරදීමට පැමිණි අතර වර්ෂාව හේතුවෙන් ඕවර 7 ක් අවසානයේ තරගය නතර කරනවිට ඔවුන් එක් කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 48 ක් රැස්කර ගැනීමට සමත්වූහ.

ආරම්භක පිතිකරු ධනංජය ලක්ෂාන් පන්දු 28 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 32 ක් රැස්කර සිටියදී රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ඔහු දැවීයාමත් සමගින් ක්‍රීඩාංගණයට වාර්ෂාව පතිතවීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය.

බ්ලූස් පිල - ඕවර 7 කදී කඩුල්ලක් දැවී 48
(සධීර සමරවික්‍රම නොදැවී 12, ධනංජය ලක්ෂාන් 32, රමේෂ් මෙන්ඩිස් 08/1)


අදහස් (0)

බ්ලූස් - ග්‍රීන්ස් තරගය අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.