බළන්ගොඩ ආනන්ද මෛතී‍්‍රය ජාතික පාසල් කී‍්‍රඩා පිටියේදී පසුගියදා පැවැති සබරගමුව පළාත් පාසල් දැල්පන්දු තරගාවලියේදී වයස අවුරුදු 15 න් පහළ, 17 න් පහළ හා 19 න් පහළ වයස් කාණ්ඩ තුනේම ශූරතා දිනාගැනීමට බළන්ගොඩ ආනන්ද මෛතී‍්‍රය ජාතික පාසල සමත් විය.
සබරගමුව පළාතේ අධ්‍යාපන කලාප 21 ක් නියෝජනය කරමින් එක් වයස් කාණ්ඩයකින් කණ්ඩායම් 21 බැගින් කණ්ඩායම් 63 ක් තරගාවලියට සහභාගී වුහ.
සබරගමුව පළාත් ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ උපසාර අලහකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ තරගවලිය පැවැති අතර බළන්ගොඩ අධ්‍යාපන කලාපය සත්කාරක දායකත්වය සපයා තිබුණි.
මෙම තරගාවලියේ කැපීපෙනෙන දක්ෂතා දක්වමින් පිට පිටම දෙවැනි වරටත් බළන්ගොඩ ආනන්ද මෛත‍්‍රීය කී‍්‍රඩිකාවෝ ශූරතා ති‍්‍රත්වයම රැකගැනීමට සමත් වූහ. බළන්ගොඩ බුද්ධජයන්ති මැදි මහවිදුහල් 15 න් පහළ කණ්ඩායමේ අනුශූරතාවය රැක ගනිමින් සබරගමුව පළාතේ කී‍්‍රඩා කණ්ඩායම් අතර බළන්ගොඩ අභිමානයට තවත් කරුණු එක් කළේය.
ති‍්‍රත්ව කිරුළු හිමිකරගත් බළන්ගොඩ ආනන්ද මෛතීය ජාතික පාසලේ දැල්පන්දු පුහුනුකාරිණිය ලෙස කටයතු කරන ශාරීරික අධ්‍යාපන උපදේශිකා දේවිකා විජයසිරි මහත්මිය තම පාසලේ ජයග‍්‍රහණය සම්බන්ධව මෙසේ අදහස් දැක්වූවාය.
”දිනපතාම කණ්ඩායම් තුනට පැයක් ශාරීරික යෝග්‍යතා අභ්‍යාස කරනවා. ඒ සඳහා අනික් ශාරීරික අධ්‍යාපන ගුරුවරුනුත් නොමඳ සහයක් දුන්නා. දිනපතා සවස 2.00 ත් සවස 4.00 ත් අතර කාලය පුහුණු කටයුතු කරනවා. සමහර අවස්ථාවන්හි පුහුණුවීම් සඳහා පාසල් කාලය යොදාගැනීමට සිදුවූවත් පාඩම් අතපසු නොවන ආකාරයට, අමතර කාලය යොදා ගනිමින් සිසුවියන්ට පාඩම් කියාදීට ඒ ඒ විෂයභාර ආචාර්යවරුන් නොමද සහායක් දුන්නා.”
”මීට අමරව පසුගියදා පැවති පළාත් මයිලෝ දැල්පන්දු තරගාවලියේ වයස අවුරුදු 16 හා 18 වයස් කාණ්ඩයන්හි ශූරතාවය හිමිකර ගත්තා. 14 න් පහළ අනුශූරතාවයත් 13 න් පහළ අවසන් තරගයටත් තේරුණා. (13 න් පහළ වයස් කාණඩයේ ජයග‍්‍රාහකයන් තේරීමක් සිදුනොවේ)
”එම තරග අවස්ථාවන්ගෙන් ලැබුණ පන්නරයත්, අධිෂ්ඨානය කැපවීම හා නිරන්තර පුහුණුව යන කාරණා මෙම ජයග‍්‍රහණයට හේතුවක් වුනා.” යයි දේවිකා විජයසිරි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
තරග ප‍්‍රතිඵල සටහන
අවුරුදු 15 න්පහළ තරගාවලිය
අවුරුදු 17 න් පහළ තරගාවලිය
අවුරුදු 19 න් පහළ තරගාවලිය
පුහුණුකාරිණිය දේවිකා විජයසිරි
15 න් පහළ ශූරතාවය ආනන්ද මෛත‍්‍රීය ජාතික පාසල බළන්ගොඩ
17 න් පහළ නෙට්බෝල් ශූරතාවය ආනන්ද මෛතීය ජාතික පාසල බළන්ගොඩ
19 න්පහළ නෙට්බෝල් ශූරතාවය ආනන්ද මෛතීය ජාතික පාසල බළන්ගොඩ
(සබරගමුව පළාත් අධ්‍යාපන ඇමති භාණු මුණිපි‍්‍රය පළත් කී‍්‍රඩා අධ්‍යක්ෂ උපසාර අලහකෝන් ගුරු උපදේශක නලීන්ගුණරත්න ජාතික පාසලේ විදුහල්පතිවරයාද වේ.)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.