Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බස්නාහිර බැඞ්මින්ටන් තරග අයැදුම්පත් 22 තෙක්

බස්නාහිර බැඞ්මින්ටන් තරග අයැදුම්පත් 22 තෙක්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන අන්තර් සමාජ බැඞ්මින්ටන් තරගාවලිය දෙසැම්බර් මස 06, 07, සහ 08 දිනයන්හිදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වේ.

බස්නාහිර පළාත තුළ පවතින ආයතන සහ කී‍්‍රඩා සමාජ වලට පමණක් මෙම තරගාවලියට අයැදුම් කළ හැක. මෙහි ශූරතා හා අනු ශූරතා ලබාගන්නා කී‍්‍රඩා සමාජ සඳහා වටිනා ත්‍යාග සහ සහතික පිරිනැමේ. සියලූම අයැදුම්පත් නොවැම්බර් මස 23 දිනට පෙර බස්නාහිර පළාත් බැඞ්මින්ටන් කී‍්‍රඩා සංගමයේ තරග ලේකම්, ෂටල් පවර් බැඞ්මින්ටන් කී‍්‍රඩාගාරය, 136, පූර්වාරාම පාර, කිරුලපන, කොලඹ 05 යන ලිපිනයට යොමු කළ යුතුය.

තරගාවලිය පිළිබඳ වැඩි විස්තර තරග ලේකම් අසංක පීරිස් (0718217056), එල්. ආර්. ආරියනන්ද (0112726383) යන මහත්වරුන් ඇමතීමෙන් ලබා ගත හැක.

 

- 036

 


අදහස් (0)

බස්නාහිර බැඞ්මින්ටන් තරග අයැදුම්පත් 22 තෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.