Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බස්නාහිර පළාත් ශූරයා සෙනුර

බස්නාහිර පළාත් ශූරයා සෙනුර

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහලේ සෙනුර දිලංක සිල්වා පසුගිය වසරේ මේසපන්දු ජයග‍්‍රහණ රැසක් ලබා ගැනීමට සමත්ව සිටියි.

සමස්ත ලංකා වයස 10 න් පහළ බාලක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය සහ වයස 12 න් පහළ සිවුවැනි ස්ථානය හිමිකරගෙන සිටියි. සෙනුර එම වයස් කාණ්ඩ දෙකේම බස්නාහිර පළාත් පළමු ස්ථානය හිමිකරගනෙ සිටීම කැපී පෙනේ. ඔහු පසුගිය වසරේ සමස්ත ලංකා වයස 10 න් පහළ ශූරතා හයක් සහ අනු ශූරතාවක් දිනාගැනීමට සමත්ව තිබේ. සෙනුර ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ වයස 10 න් පහළ බාලක ශූරතාවද දිනාගත්තේය.

සෙනුරගේ පුහුණුකරුවන් ලෙස එන්. එච්. පෙරේරා, ජෝතිපාල සමරවීර සහ ඉන්දික ප‍්‍රසාද් යන මහත්වරු කටයුතු කරති.

මේසපන්දු කී‍්‍රඩාවේ හිටපු ශූරීයක වන දීපිකා රොද්‍රිගු සහ හිටපු ශූරයකු වන ඉන්දික ප‍්‍රසාද් සෙනුරගේ මව්පියෝ වෙති.


- 048

 


අදහස් (0)

බස්නාහිර පළාත් ශූරයා සෙනුර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.