ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය සංවිධානය කළ ආධුනික මල්ලවපොර තරගාවලියේදී (2016) ගම්පහ බණ්ඩාරනායක විදුහල් ක‍්‍රීඩකයෝ රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්වුහ. කොළඹ ක‍්‍රීඩා අමාත්‍යංශ ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලිය මෙම වසරේ ජුනි මස පැවැත්වෙන ආසියානු කෙඩෙට් මල්ලවපොර තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ තරගාවලියක් විය.
ගම්පහ බණ්ඩාරනායක විදුහලේ කේ.ටී සමරදිවාකර කිලෝග‍්‍රෑම් 54-58 බර පංතියෙන්ද, කේ. එම්. මල්ෂාන් කිලෝග‍්‍රෑම් 63-69 බර පංතියෙන් ද රන් පදක්කම් දිනාගැනීමට සමත්වුහ. බණ්ඩාරනයක විදුහල් ක‍්‍රීඩක ඒ.එස්.සමරනායක රිදී පදක්කම දිනා ගත්තේ කිලෝග‍්‍රෑම් 42-46 බර පංතියෙනි.
ජයග‍්‍රාහී ක‍්‍රීඩකයන් ජාතික සංචිතයට ඇතුළත් කර පුහුණුවීම් දිගින් දිගටම පුහුණුවීම් ලබාදෙන බව ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය පවසයි.
අවසන් තරග ප‍්‍රතිඵල:
ක‍්‍රි.ග‍්‍රෑ.39-42 බර පංතිය
1.පී.එච්. රන්දව (දෙමටගොඩ වනාතමුල්ල ප‍්‍රජා මණ්ඩලය)
2.ටී.එස්. ද සිල්වා (මොරටුව වේල්ස්කුමර)
3.ඞී.එස්.දර්ශන (මාරපොල මහ විද්‍යාලය)
3.එච්.මධුෂංක (දෙමටගොඩ වනාතමුල්ල ක‍්‍රී.ස.)
ක‍්‍රි.ග‍්‍රෑ.42-46 බර පංතිය
1.ජී.කේ.රණසිංහ (මැණික්හින්න වලල ඒ. රත්නායක)
2.ඒ.එස්.සමරනායක (ගම්පහ බණ්ඩාරනායක)
3.පසි`දු සංජුල (මාරපොළ මහ විද්‍යාලය)
3.ඞී.සී.බණ්ඩාර (තෙල්දෙණිය ජා.පා.)
ක‍්‍රි.ග‍්‍රෑ.46-50 බර පංතිය
1.හසින්ත මධුෂික ද සිල්වා (වත්තල ශා.ජෝශප්)
2.එම්.ටී.ලක්ෂාන් (මැණික්හින්න වලල ඒ.රත්නායක)
3.අයි.ජී.සුනිමල් (තෙල්දෙණිය ජ.පා)
3.කෝලිත කවි`දු (බදුල්ල කිරිඔරුව ම.වි)
ක‍්‍රි.ග‍්‍රෑ.50-54 බර පංතිය
1.එස්.ටී.බණ්ඩාර (තෙල්දෙණිය ජා.පා)
2.රසිදු දිවාන් (මාරපොළ මහ විද්‍යාලය)
3.කේ.ඞී බණ්ඩාර (මැණික්හින්න වලල ඒ.රත්නායක)
3.කෝසල අකලංක (මාරපොල මහ විද්‍යාලය)
ක‍්‍රි.ග‍්‍රෑ.54-58 බර පංතිය
1.කේ.ටී.සමරදිවාකර (ගම්පහ බණ්ඩාරනායක)
2.එස්.කේ.ගුණවර්ධන (පිළිමතලාව ශ්‍රී ස්වරණජෝත)
3.එම්.ටී.තිවංක (මාරපොල මහ විද්‍යාලය)
3.වී.වී.තලමගේ (වනාතමුල්ල ප‍්‍රජා මණ්ඩලය)
ක‍්‍රි.ග‍්‍රෑ.58-63 බර පංතිය
1.පී.එස්.ප‍්‍රනාන්දු (ජාඇල ලංකා සභා මහ විද්‍යාලය)
2.පී.කේ. රේණුක (මිනුවන්ගොඩ පොල්වත්ත ශ්‍රී රතනසාර)
3.එස්.එස්.කරලියද්ද (තෙල්දෙණිය ජා.පා)
ක‍්‍රි.ග‍්‍රෑ.63-69 බර පංතිය
1.කේ.එම්.මල්ෂාන් (ගම්පහ බණ්ඩාරනායක)
2.ෂෙහාන් සාලින්ද (වත්තල ශා.ජෝන්)
3ක‍්‍රිෂාන් කුමාරන් (මඩකලපුව ශිවනන්ද ජා.පා)
3.සී.සී. රාජපක්ෂ (මහනුවර ශ්‍රී සුමංගල)
ක‍්‍රි.ග‍්‍රෑ.69-76 බර පංතිය
1.චේතන මල්ගහගමගේ (මොරටුව වේල්ස්කුමර)
2.ආර්.සී.ප‍්‍රනාන්දු (ජාඇල ලංකාසභා මහ විද්‍යාලය)
3.අවිදු ශ්‍රී ලක් වන්නිආරච්චි (වත්තල ශා.ජෝශප්)
ක‍්‍රි.ග‍්‍රෑ.76-85 බර පංතිය
1.පී.ටී.සාරංග (මාරපොල මහ විද්‍යාලය)
ක‍්‍රි.ග‍්‍රෑ.85-100 බර පංතිය
1.ඒ.ආර්.දිලාංජන (ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලය)
බර පංතිවලින් ජයගත් ක‍්‍රීඩකයෝ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.