Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිළියන්දල තරගය ජය පැරදුමන් තොරයි

පිළියන්දල තරගය ජය පැරදුමන් තොරයි

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකදී කොළඹ අශෝක විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට පිළියන්දල මධ්‍ය මහ විදුහල සමත්විය. මෙම තරගය පිළියන්දලදී අද (24 වැනිදා) නිමා විය.

පිළියන්දල මධ්‍ය මහ විදුහලේ තරංග අමිලදර සහ වසිත් විමුක්ති කඩුලූ 4 බැගින් දවාලමින් අශෝක විදුහලේ පළමු ඉනිම ලකුණු 103 කට සීමාකිරීමට සමත්වූහ.

පළමු ඉනිමේදී ලකුණු 114 කට දැවී ගිය නමුත් දෙවැනි ඉනිමේදී කඩුලූ 8 කට ලකුණු 216 ක් ලබාගත් පිළියන්දල මැදි මහ විදුහල තරගයෙන් ජයගැනීම සඳහා අශෝක විදුහලට ලකුණු 227 ක අභියෝගයක් බාර දුන්නේය. එහෙත් අද සවස තරගය අවසන් වන විට අශෝක විදුහලට ලබාගත හැකිවූයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 152 ක් පමණි.

පිළියන්දල මධ්‍ය මහ විදුහල - පළමු ඉනිම ඕවර 48.5 කදී සියලූදෙනා දැවී 114
(තරංග අමිලදර 32, අංජු කොලියෙට් 30, ගීත් කුමාර 23, රංජිත දිසානායක 28/5, මෙහොමඞ් හිල්ෆි 15/3)

අශෝක විදුහල පළමු ඉනිම - ඕවර 30.5 කදී සියලූදෙනා දැවී 103
(දීලක චන්ද්‍රසිරි 27, දිෂාන් පොන්නම්පෙරුම 28, දුලිත මනිකමාල් 31, තරංග අමිලදර 25/4, වසිත් විමුක්ති 39/4)

පිළියන්දල මධ්‍ය මහ විදුහල දෙවැනි ඉනිම - ඕවර 65 කදී කඩුලූ 8 කට 216
(ගීත් කුමාර 38, හර්ෂන ප‍්‍රමෝද් 37, යශාන් විමුක්ති නොදැවී 35, අංජු කොලියෙට් 22, සසිත්  ඕශජිත් 20, සෙව්වන්ද චානක 20/3, මලින්ද මධුරංග 50/3)

අශෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 29 කදී කඩුලූ 3 කට 152
(රන්දික දිසානායක නොදැවී 44, දිෂාන් පොන්නම්පෙරුම 35, දීලක චන්ද්‍රසිරි 34, කුමාර හේවාවිතාරණ 22, මලින්ද මධුරංග නොදැවී 20, වසිත් විමුක්ති 37/2)

-036

 


අදහස් (0)

පිළියන්දල තරගය ජය පැරදුමන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.